යුද ගැටුම් අවසන් වූ පසු ශ්‍රී ලංකාව සෑම අංශයකින්ම ප්‍රගතියක් අත්කරගෙන

යුද ගැටුම් අවසන් වූ පසු ශ්‍රී ලංකාව සෑම අංශයකින්ම ප්‍රගතියක් අත්කරගෙන

- බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ක්‍රිස් නෝනිස් බීබීසී යට කියයි

දශක තුනකට ආසන්න කාලයක් පැවති යුද ගැටුමකින් පසු සිව් වසරක් තුළ සෑම අංශයකින්ම ප්‍රගතියත් අත්කර ගත යුතු බවට ඇතැමුන් නගන තර්කය යථාර්ථවාදී නොවන බව, බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ක්‍රිස් නෝනිස් මහතා පවසයි.

බීසී ප්‍රවෘත්ති සේවය සමඟ ඊයේ පැවති සම්මුඛ සාකච්ඡාවක දී ඔහු මේ බව කියා සිටියේය. ත්‍රස්තවාදයට එරෙහි මානුෂවාදී මෙහෙයුමේ අවසන් අදියරය පිළිබඳ අන්තර්ජාතික පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට බීබීසී මාධ්‍යවේදිනිය නැගූ ප්‍රශ්නයට පිළිතුරු දුන් ක්‍රිස් නෝනිස් මහතා ස්වාධීන ක්‍රියාවලියක් හා අන්තර්ජාතික ක්‍රියාවලියක් අතර වෙනස හඳුනාගත යුතු බව කියා සිටියේය. ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය ඇතුළු සෙසු රටවල ස්වාධීනත්වයට ගරු කරයි. ඒ ගරුත්වය ශ්‍රී ලංකාවට ද හිමිවිය යුතුය.

ශ්‍රී ලංකාව ස්වෙරී හා ස්වාධීන රාජ්‍යයකි. උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිෂන් ක්‍රියාවලිය මුලදී විවේචනය කළ පීරිස් එම වාර්තාව දුටු විට සත්‍ය අවබෝධ කරගත් බවද මහ කොමසාරිස්වරයා පැවසීය. ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා බෙහෙවින් යථාර්ථවාදී මෙන්ම අවංක නිහතමානී නායකයෙකි. වර්ණභේදවාදී දකුණු අපි‍්‍රකාව, උතුරු අයර්ලන්ත ගැටුම වැනි ගැටලුකාරී තත්ත්වයන් විසඳීමට වසර ගණනාවක් ගතවිය. ශ්‍රී ලංකාව ද සාර්ථක ප්‍රගතියක් කරා ගමන් කරමින් සිටින බව මහ කොමසාරිස්වරයා පවසයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා