සියවසේ මිනිසා නික්ම යයි

සියවසේ මිනිසා නික්ම යයි

දකුණු අප්‍රිකාවේ වර්ණ භේද වාදයට එරෙහිව දරුණු අරගලයක් මෙහෙයවා එරට කළු ජාතින්ට විමුක්තිය උදාකර දුන් හිටපු ජනාධිපති පරමාද්ර්ශී යුග පුරුෂයා වූ නෙල්සන් මැන්ඩෙලා ගේ අවසන් කටයුතු ඊයේ සිදු කරන ලදී.

දින 10 ක ශෝක කාලයකින් පසුව අවසන් උත්සවය ඔහුගේ ගෝත්‍රයේ සම්ප්‍රදායන්ට සහ රටේ පෞඪත්වය විදහා දැක්වෙන ආකාරයට සිදු කිරීමට නියමිත විය.

උදෑසන පැවැත්වෙන ජනතාව සහ ආරාධිත අමුත්තන් 4500 ක් පමණ සහභාගීවන පැය දෙකක අවසන් ගෞරව දැක්වීමෙන් අනතුරුව මහිදන් කරන අවස්ථාවට සහභාගිවනු ඇත්තේ පවුලේ ඥාතීන් සහ සමීප මිතුරන් කිහිපදෙනෙක් අතුළු 450 ක පමණ පිරිසක් බව සංවිධායකයෝ පවසති.

දකුණු අප්‍රිකා‍වේ හිටපු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලාගේ දේහය රැගත් රථ පෙළ පූර්ණ රාජ්‍ය ගෞරව ඇතිව මිහිදන් කිරිමට ඔහුගේ උපන් ගම වු ක්යුන් වලට පැමිණෙන ආකාරය.

එසේ සිදුකරන්නේ පවුලේ ඥාගීන්ගේ ඉල්ලීම පරිදියි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මානව හිතවාදියෙක්වු නෙල්සන් මැන්ඩෙලා විසි එක්වන ශතවර්යේ උදාර යුග පුරුෂයා වශයෙන් ලෝකවාසීන් අවිවාදයෙන් පිළිගෙන ඇති බ‍ව පසුගිය අඟහරුවාදා පැවති නිල අවසන් ගෞරව දැක්වීමේ උත්සවයේ දී මනාව පසක් විය.

වරණ භේද වාදයට එරෙහිව සටන් වැදීම හේතුවෙන් කුඩා සිර කුටියක වසර 27 ක් ගත කොට එහිදී නීති උපාධිය ලබා තම චිරිතාපදානය ලියා වසර 1990 දී සිරෙන් නිදහස් වූ මැන්ඩෙලා 1994 දී එටරට ප්‍රථම කළු ජාතික ප්‍රජාතන්ත්‍රවාදී නායකයා විය. ඉමහත් ජන ප්‍රසාදය මධ්‍යයේ වුවද ඔහු ජනාධිපති ධූරය දැරුවේ එක් වතාවක් පමණි.

මාඩිබා ටාටා යන ආදර නාම්වලින් හඳුන්වනු ලැබූ නෙල්සන් මැන්ඩෙලා නැමති දැවැන්ත යුග පුරුෂයා මිලියන සංඛ්‍යාත දකුණු අප්‍රිකානු ජනතාවගේ සෝ සුසුම් මධ්‍යයේ සිය උපන් ගම වු ක්යුනූ හි පවුලේ සුසාන ශුමියේ සමාදානයේ සැතපෙනු ඇත.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා