තායිලන්තයේ සිනහව හොරු අරන්

තායිලන්තයේ සිනහව හොරු අරන්

සංචාරක ව්‍යාපාරයට දැඩි බලපෑමක්

තායිලන්තයේ අගමැති යින්ලක් ෂිනවාත්‍රාට එරෙහිව බැංකොක් නගරයේ විරෝධා පවත්වන ස්ථානයක් අසළින් ගමන් ගන්නා සංචාරකයන් දෙදෙනෙක්

මාසයකට අධික කාලයක් පුරා තායිලන්ත රජයට එරෙහිව හටගෙන ඇති ප්‍රබල විරෝධතා නිසා එරට සංචාරක ව්‍යාපාරයට දැඩි බලපෑමක් ඇතිවී ඇතැයි වාර්තා වේ.

වීදි සටන් හේතුකොටගෙන තායිලන්තයේ සංචාරය නොකරන ලෙස බොහෝ රටවල් සිය රටවැසියනට අනතුරු අඟවා ඇත.

මේ නිසා දෙසැම්බර් මාසයේ දී විදෙස් සංචාරකයන් ගේ පැමිණීම 300 000 කින් පමණ එනම් 8% කින් අඩුවි ඇතැයි වාර්තා වේ. යින්ලක් ෂිනවාත්‍රාට සහ යලි හිස එසවීමට තැත් කරන ඔහුගේ සොයුරු ටක්සින් ෂිනවාත්‍රාට එරෙහිව විරෝධතා හේතුවෙන් දැනට 5 දෙනෙක් මිය ගොස් ඇති අතර තුවාල ලබා ඇති සංඛ්‍යාව 200 කට අධිකය.

සිනහවේ දේශය යන අන්වර්ත නාමයෙන් හඳුන්වන තායිලන්තයේ සංචාරක ව්‍යාපාරය මෑත දී අත්වූ දැඩිම බලපැම මෙය ලෙස සැලකේ මෙම ත්ත්ත්වය සුඛෝපභෝගී ‍මෙන්ම සාමාන්‍ය සංචාරක ව්‍යාපාරිකයන්ටද බලපා ඇති බව සඳහන් වේ.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා