ජනතාව මැන්ඩෙලාගේ අනුප්‍රාප්තිකයා ප්‍රතික්ෂේප කරයි

ජනතාව මැන්ඩෙලාගේ අනුප්‍රාප්තිකයා ප්‍රතික්ෂේප කරයි

දකුණු අප්‍රිකානුවන්ගේ සදාදරණීය ජන නායක නෙල්සන් මැන්ඩෙලා ගේ අවසන් කටයුතු සුවහසකු ජනයා ගේ සෝ සුසුම් මැද ඊයේ සිදු වූ අතර එරට තත්ත්වය දැන් ප්‍රශ්නාර්ථයක් බවට පත්වී ඇත.

ජේකම් සූමා

ඉරිදා ටයිම්ස් පුවත් පත විසින් මෙහෙයවු මත විමසුමකදී අප්‍රිකන් ජාතික කොංග්‍රසයේ ජේකබ් සූමා ඉල්ලා අස්විය යුතු බව ප්‍රකාශ කර තිබේ.

නෙල්සන් මැන්ඩෙලා ගේ අනුප්‍රාප්තිකයා වූ වත්මන් ජනාධිපතිවරයා වැඩකරන්නේ තම සුඛවිහරණය තකා බවට චෝදනා එල්ල වේ.

සොවිටෝ හි පැවැති හිටපු උදාර දකුණු අප්‍රිකන් නායකයාගේ නිල අවසන් උත්සවයේ දී ත් ජනතාව සූමාට හූ හඬ නඟමින් ප්‍රතිචාර දැක් වූහ.

දකුණු අප්‍රිකා වැසියන් දුගී බවේ ගිලී රැකියා විරහිත බවින් පෙළෙමින් සිටියදී ජනාධිපතිවරයා සිය සුඛෝපභෝගී නිවස සෑදීමට අමෙරිකන් ඩොලර් මිලියන් 20ක් පමණ වැය කර ඇති බවටත් බදු මුදල් සුඛ විහරණය සඳහා පාවිච්චි කරන බවට චෝදනා එල්ල වේ.

මේ අතර සූමා විසින් බලයෙන් නෙරපූ තාබෝ මුබිකිට හිටපු ජනාධිපති ‍මැන්ඩෙලා ගේ අවසන් දේව මෙහෙයේ දී ජනතා ලබා දී ඇත්තේ උණුසුම් ප්‍රතිචාරයකි. වත්මන් පාලනය මැන්ඩෙලාගේ ශ්‍රේෂ්ඨ දර්ශනයට පිටුපා කටයුතු කරන බවට මුබිකි මෙහදී ප්‍රසිද්ධියේ අභියෝග කර තිබේ.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා