පාකිස්තානය මත්ද්‍රව්‍ය හුවමාරු වන මධ්‍යස්ථානයක්

පාකිස්තානය මත්ද්‍රව්‍ය හුවමාරු වන මධ්‍යස්ථානයක්

පාකිස්තානයේ ජගත් සංවිධාන මත්ද්‍රවය සහ අපරාධ අංශයේ ප්‍රධානි

පාකිස්තානයේ මත්දව්‍ය භාවිතය ශීඝ්‍රයෙන් වැඩි වී ඇති බවට වාර්තා වේ. යොවුන් පරපුර ප්‍රසිද්ධියේම මත් ද්‍රව්‍ය පාවිච්චි කිරීමට ඇබ්බැහි වී ඇත. පාකිස්තානයේ ඒඩ්ස් වසංගතය මර්දනය කිරීමේ උත්සාහයට පවා හෙරොයින් භාවිතය බලපැමක් සිදු කර තිබේ. ඒඩ්ස් ආසාධිතයන්ගෙන් අඩක් පමණ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් ය.

පාකිස්තානයේ මත් ද්‍රව්‍ය ඇබ්බැහිකරුවෙක් කරච්චි නගරයේ දී ප්‍රතිකාර ලබා ගන්නා අයුරු

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්ට කරච්චි නගරයෙන් ඔනැම වර්ගයක මත්ද්‍රව්‍යයයක් ලබා ගත හැකි බව වාර්තා වේ. මිලියන 20 ක් පමණ වාසය කරන කරච්චි නගරයේ දහසකට එක් අයෙක් පමණ ලාභ මත්ද්‍රව‍්‍යලට අබ්බැහි වී ඇත. මත්ද්‍රව්‍ය එන්නත් කර ගැනීමත් ප්‍රචලිත වී ඇත.

හෙරොයින් මත්ද්‍රව්‍ය භාවිත කරන බවට වාර්තා වී ඇති අයගෙන් අඩක් පමණ එන්නත් කර ගන්නා බව වාර්තා වේ. අසල්වැසි ඇෆ්ගනිස්තානයේ ගංජා නිෂ්පාදනය මේ වසරේ දී වාර්තාගත ටොන් 5500 දක්වා ඉහළ නැගීම හේතුවෙන් මෙම ත්ත්ත්වය තවත් උග්‍ර වනු ඇතැයි වාර්තා වේ.

පාකිස්තානයේ මත්ද්‍රව්‍ය මිල ඉතා අඩු අතර යුරෝපයේ මිල මෙන් අඩකි. පාකිස්තානය මත්ද්‍රව්‍ය හුවමාරු වන මධ්‍යස්තානයක් වන අතර දැන් හොඳ මත්ද්‍රව්‍ය වෙළඳපොළක් බවටද පත්වී ඇති බව පාකිස්තානයේ ජගත් සංවිධාන මත්ද්‍රවය සහ අපරාධ අංශයේ ප්‍රධානි සීසර් ගෙයුඩීස් පවසයි. මත්ද්‍රව‍ය අලෙවියෙන් ලබන මුදල්වලින් කොටසක් තලෙයිබාන් සංවිධානයට ද යන බව වාර්තා වේ.

ශුද්ධවන්තයන්ගේ දේහය වශයෙන් සලකනු ලැබූ පාකිස්තානයේ බොහෝ අය කිසිවක් ගැන නොතකා මුදල් හඹා යාමට පමණක් යොමු වී ඇති බවට මේ උවදුර නිසා කම්පාවට පත් අයගෙන් වෝදනා එල්ල වේ.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා