‘සිහළ රාවය’ට අගමැති කනගාටුව පළකරයි

‘සිහළ රාවය’ට අගමැති කනගාටුව පළකරයි

චීවරධාරීන් යැයි කළ ප්‍රකාශයෙන් සංඝයාවහන්සේ යම් අපහසුතාවකට පත්වුයේ නම් තමන් ඊට කනගාටුව පළකර සිටින බව අගමැති ආචාර්ය දි.මු ජයරත්න මහතා පැවැසීය.

ඒ සම්බන්ධයෙන් සිහළ රාවය සංවිධානය සමඟ තමන් ඉදිරියේ දී සාකච්ඡා කිරීමට සූදානම් බව ද හෙතෙම ලිඛිතව දැනුම් දී ඇති අතර එම ලිපිය අගමැති සම්බන්ධීකරණ ලේකම් අමිල සුදේහ පියසිංහ මහතා විසින් සියළ රාවයේ සංඝයාවහන්සේලා වෙත අගමැති කාර්යාලය ඉදිරිපිට දී ඊයේ (8) බාරදී තිබේ.

අගමැතිවරයා කළ ප්‍රකාශයකට විරෝධය පාමින් සිහළ රාවය ඇතුළු සංවිධාන කිහිපයක් අගමැති කාර්යාලය ඉදිරිපිට ඊයේ උද්ඝෝෂණයක නිරතවූ අතර එම ස්ථානයට ගොස් සම්බන්ධීකරණ ලේකම්වරයා විසින් මේ ලිපිය බාරදී තිබේ.

ඉන් අනතුරුව උද්ඝෝෂකයන් සාමකාමීව විසිර ගිය බව පොලිසිය පවසයි.

කොළඹ විහාරමහාදේවී උද්‍යානය අසල සිට අගමැති කාර්යාලය දක්වා පැමිණෙන උද්ඝෝෂණ පෙලපාලියක් හේතුවෙන් අගමැති කාර්යාලය පිහිටි කොළඹ මල් පාර තාවකාලිකව වසා දැමූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවැසීය.

අගමැතිවරයා කර ඇති ප්‍රකාශයකට විරෝධය පාමින් සිහළ රාවය සංවිධානයේ සාමාජිකයන් අගමැති කාර්යාලය ඉදිරිපිට ඊයේ (8) උද්ඝෝෂණයක නිරත වී සිටි අතර එම උද්ඝෝෂකයන් අගමැති කාර්යාලයට යෑමට උත්සහ කළ අයුරු.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා