අමු රබර් ‍කිලෝවකට රු.350ක සහතික මිලක්

අමු රබර් ‍කිලෝවකට රු.350ක සහතික මිලක්

නව රජය විසින් ඉදිරිපත් කරන ලද අතුරු අය වැය යෝජනාවට අනුව ඊයේ (15) සිට අමු රබර් කිලෝ එකක් සඳහා රුපියල් 350ක සහතික මිලක් ගෙවීමට රජය පියවර ගෙන ඇත.

ඒ අනුව රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී ඇති කුඩා රබර් වතු හිමියන්ට මෙම සහතික මිල ලබා ගැනීමට හිමිකම් ඇති අතර දැනට ලියාපදිංචි වී නොමැති කුඩා රබර් වතු හිමියන්ට ද දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වීමෙන් පසු මෙම හිමිකම ලබා ගත හැකිය.

මෙම සහතික මිල ලබාගැනීම සඳහා රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ අවසර ලත් රබර් වෙළෙන්දෙකුට රබර් අලෙවි කර ලබා ගන්නා ලද විධිමත් රිසිට්පත් අදාළ ප්‍රදේශයේ රබර් සංවර්ධන නිලධාරිවරයා වෙත හෝ ප්‍රාදේශීය කාර්යාලය වෙත තැපැල් මඟින් හෝ අතින් ගෙනැවිත් භාරදීමෙන් ලබා ගත හැකිය.

ඒ අනුව ලෝක වෙළෙඳ පොළේ පූර්ව මාසයේ ඉදිරිපත් වූ රබර් මිල අනුව කාණ්ඩ 4ක් යටතේ පදනම් මිල ගණනය කර රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් රබර් ඉඩම් හිමියාට ගෙවනු ලබයි.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා