ශ්‍රී ලාංකික හතරකගේ ‍ඩොලර් බිලියන 1935 හදිසියේම බහමාස් බැංකුවකට

ශ්‍රී ලාංකික හතරකගේ ‍ඩොලර් බිලියන 1935 හදිසියේම බහමාස් බැංකුවකට

දැනටම පරීක්ෂණ ඇරඹිලා

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ පාලන කාලයේ දී අයථා ලෙස උපයා ගත් යැයි සැකකරන ශ්‍රී ලාංකිකයින් හතර දෙනෙකු සතු ඩොලර් බිලියන එක් දහස් නවසිය තිස් පහකට ආසන්න මුදලක් මෙතෙක් තැන්පත් කර තිබූ ඩුබායි බැංකුවෙන් හිටි හැටියේම බහමාස් බැංකුවකට මාරු කර ඇති බවට තොරතුරු රජය වෙත වාර්තා වී තිබේ.

ඒ අනුව රජය එම සිද්ධිය සම්බන්ධයෙන් දැනටමත් පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර ජනතා විමුක්ති පෙරමුණ මේ සම්බන්ධයෙන් අද (16) ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක නිරතවීමට නියමිතව ඇත.

මෙසේ මෙම ශ්‍රී ලාංකිකයින් හතර දෙනා සිය බැංකු ගිණුම් මාරු කිරීමට හේතු වී ඇත්තේ බැංකු ගිණුම් අංක ඇතුළු තොරතුරු රජයට සම්බන්ධ පිරිසක් විසින් ඔවුන් වෙත ලබාදීම නිසා බවත් මෙම තොරතුරුවල නිවැරදිභාවය වඩාත් තහවුරු කරගෙන රටට අනාවරණය කරන ලෙසත් ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීමට නියමිතය.

මෙම බැංකු ගිණුම් පිළිබඳව පරීක්ෂා කිරීමට කාර්යය පැවරුණු නිලධාරින්ම තැන්පත්කරුවන්ට ඔත්තුව ලබාදී ඇති අතර ඒ අනුව ඩුබායි රාජ්‍යයේ සිට බහමාස් රාජ්‍යයේ මෙම ගිණුම් හතර නැවතත් තැන්පත් කර තිබේ.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා