ඔරුගොඩවත්තෙන් සොයා ගත් සහල් පරිභෝජනයට නුසුදුසුයි

ඔරුගොඩවත්තෙන් සොයා ගත් සහල් පරිභෝජනයට නුසුදුසුයි

ඔරුගොඩවත්ත සහල් ගබඩාවකින් සොයා ගැණුන රතු කැකුළු සහල් කිලෝ 16,250ක ප්‍රමාණය පරිහරණයට නුසුදුසු බව රස පරීක්ෂක වාර්තාවෙන් හෙළි වී ඇතැයි පාරිභෝගික අධිකාරිය පවසයි.

මෙම සහල් තොගය පසුගිය සතියේ දී පාරිභෝගික අධිකාරියේ විමර්ශන ඒකකය මඟින් අත්අඩංගුවට ගත් අතර , එය රස පරීක්ෂණ වාර්තාව සඳහා යොමු කර තිබිණි.

ඉන්දියාවෙන් ආනයනය කරන ලද මෙම සහල් තොඟය පිළිබඳ ආනයනකරුවන්ට එරෙහිව නීති ක්‍රියාත්මක කිරමට පාරිභෝගික අධිකාරිය කටයුතු යොදා ඇත.

මෙවැනි නුසුදුසු ආහාර ගබඩා කිරීම් පිළිබඳ තොරතුරු වොතොත් ඒ පිළිබඳ පැමිණිලි 1977 ක්ෂණික ඇමතුම් අංකය වෙත යොමුකරන ලෙස පාරිභෝගික අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටින අතර, විමර්ශන කණ්ඩායම් රට පුරා විධිමත්ව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු සලසා තිබෙව බවද එම අධිකාරිය කියයි.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා