මැති ඇමැතිවරු රැසකගේ දූෂණ තොරතුරු අපට ලැබී තිබෙනවා

මැති ඇමැතිවරු රැසකගේ දූෂණ තොරතුරු අපට ලැබී තිබෙනවා

- නිශාන්ත ශ්‍රී වර්ණසිංහ

වර්තමාන මැති ඇමැති තනතුරු දරන්නන් ගණනාවක් සිදු කළ දූෂණයන්, වංචාවන් පිළිබඳව තොරතුරු දූෂණ විරෝධී පෙරමුණ වෙත ලැබී ඇති බව එහි කැඳවුම්කරු , ජාතික හෙළ උරුමයේ ජාතික සංවිධායක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා පැවසීය.

ඒවා පිළිබඳව සොයා බලා ඉදිරියේදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට ඉදිරිපත් කරන බව ප්‍රකාශ කළ වර්ණසිංහ මහතා දූෂණ විරෝධී පෙරමුණ පසුගිය රජය පැවැති කාලයේ සිදුවූ මහා පරිමාණ දූෂණ, වංචා පිළිබඳව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම ඇතුලු අදාළ ආයතන ගණනාවකට පැමිණලි කර ඇති බව ද ප්‍රකාශ කළේය.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා