වරාය නගරය ගැන අවසන් තීරණය ඉදිරි සතියේ

වරාය නගරය ගැන අවසන් තීරණය ඉදිරි සතියේ

කොළඹ වරාය නගරය සම්බන්ධයෙන් ඉදිරි සතිය තුළ අවසන් තීරණයක් ගන්නා බව වරාය හා ගුවන්සේවා ඇමැති අර්ජුන රණතුංග මහතා පැවැසීය.

වරාය නගරයේ ඉදිකිරිම් සම්බන්ධයෙන් රජයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පවසන ඇමැතිවරයා ඊට අමතරව අදාළ ඉදිකිරීම් සමාගමෙන් ද වාර්තාවක් කැඳවා ඇති බව ද දිනමිණ කළ විමසීමකට පිළිතුරු දෙමින් කියා සිටියේය.

ඒ අනුව හෙට (16) හෝ අනිද්දා (17) වන විට වරාය නගරයේ ඉදිකිරීම් සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා