සා/පෙළ ප්‍රතිඵල අප්‍රේල් 7ට පෙර

සා/පෙළ ප්‍රතිඵල අප්‍රේල් 7ට පෙර

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2014 විභාගයේ ප්‍රතිඵල ලබන අප්‍රේල් මස 7 වනදාට පෙර නිකුත් කිරීමට විභාග දෙපාර්තමේන්තුව සියලු කටයුතු සූදානම් කර ඇත.

2013 වසරේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අප්‍රේල් මස මුල් දින කිහිපය තුළ නිකුත් කිරීමට විභාග දෙපාර්තමේන්තුවට ක්‍රියා කළේය.

මෙවර සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍ර පරීක්ෂා කිරීම් සිදු කරන අතරතුර ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ප්‍රශ්න පත්‍ර පරීක්ෂා කිරීම් සති දෙකක් පමණ ප්‍රමාද වූවත් අප්‍රේල් මස 7 වනදාට පෙර ප්‍රතිඵල නිකුත් කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇතැයි දිනමිණ කළ විමසීමකට පිළිතුරු දෙමින් විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව් එම් එන් ජේ පුෂ්පකුමාර මහතා කියා සිටියේය.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා