දෙමවුපිය සෙනෙහස නොලැබුණයි දියණියක් මවට පියාට මන්නයකින් කොටලා

දෙමවුපිය සෙනෙහස නොලැබුණයි දියණියක් මවට පියාට මන්නයකින් කොටලා

නාගොඩ කැප්පිටියාගොඩදි පෙරේදා (14) අලුයම පහළොස් හැවිරිදි දියණියක් විසින් මන්නයකින් පහරදීමෙන් තුවාල ලැබූ ඇගේ මව සහ පියා කරාපිටිය රෝහලට ඇතුලු කර ඇතැයි නාගොඩ පොලීසිය පවසයි.

මෙම මන්නා ප්‍රහාරයෙන් හතලිස් නව හැවිරිදි මවගේ සහ හතලිස් නව හැවිරිදි පියාගේ හිසට සහ මුහුණට තුවාල සිදුවී ඇතැයි වාර්තාවේ.සැකකාර දියණියට දෙමාපියන්ගේ ආදරය නොලැබෙන නිසා මෙසේ තම දෙමාපියන්ට මන්නයෙන් පහර දුන් බවත් මුලින් සියදිවි නසා ගැනීමට තමා කල්පනා කළ නමුත් පසුව තමාගේ අනාගතය ගැන කල්පනා කර එසේ නොකොට දෙමාපියන්ගෙන් පලි ගැනීමට මෙසේ පහර දුන් බවත්සැකකාරිය පොලිසියට ප්‍රකාශ කර ඇත.

තුවාල ලබා සිටින දෙමාපියන් එක් කාමරයක් සැකකාරියගේ නැගිණිය තවත් කාමරයකත් සැකකාරිය තනියම වෙනත් කාමරයකත් නිදාගෙන සිටියදී පෙරේදා (14) අලුයමදෙමාපියන් නිදාසිටි කාමරයට ගිය සැකකාර දියණිය ඇගේ දෙමාපියන් දෙදෙනාට මන්නයෙන් පහරදීම සිදුකර ඇති අතර එම අවස්ථාවේ ඇයගේ නැගණිය අවදිවී කෑගසා ඇති බවත් පොලිස් පරික්ෂණවලදී අනාවරණයවී ඇත.දෙමාපියන්ට පහරදීම සදහා යොදාගත් මන්නයද පොලිසිය විසින් සොයාගෙන ඇත.

සැකකාරිය නාගොඩ ප්‍රදේශයේ පාසලක එකොළොස්වෙනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටින බවද වාර්තා වේ.නාගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කළ සැකකාරිය මේ මස 25 වැනි දින දක්වා පරිවාස දෙපාර්තමේන්තුවට අයත් කිතුලම්පිටිය රැදවුම් ළමා නිවාසයේ රදවා තබන ලෙස බද්දේගම වැඩබලන මහේස්ත්‍රාත් වීරසිරි ඩයස් මහතා නියෝග කළේය.සැකකාරිය මනෝවෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කිරීමට නියෝගයක් ලබාදෙන ලෙසද පොලිසිය මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලා සිටියේය.

නාගොඩ පොලිස් ස්ථානාධිපති සුමේධ විමලගුණරත්න,අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ඉන්ද්‍රසිරි,කාන්තා පොලිස් සැරයන් මධුරිකා(1342) සහ කාන්තා කොස්තාපල් මනෝරි(4672) යන මහත්ම මහත්මීහුමේ පිළිබද පරික්ෂණ පවත්වති.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා