2013 දී මහ බැංකුවේ මිලියන 22248ක අලාභයක්

2013 දී මහ බැංකුවේ මිලියන 22248ක අලාභයක්

- කෝප් අලුත්ම වාර්තාව හෙළි කරයි

ශ්‍රී ලංකා මහ බැංකුව 2013 වසරේ දී රුපියල් මිලියන 22248ක් වූ ශුද්ධ අලාභයක් ලබා ගෙන ඇතැයි අලුත්ම පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා වාර්තාව හෙවත් කෝප් වාර්තාවෙන් හෙළිදරව් කර තිබේ.

මෙම ශුද්ධ අලාභය ලබා ගෙන ඇත්තේ බදු ගෙවීමට පෙරවීම විශේෂිත වන අතර එමගින් පැහැදිලි වන්නේ බදු ගෙවූ පසුව එම අලාභය තවත් ඉහළ අගයක් ගන්නා බව ය.

පොදු ව්‍යාපාර කමිටුව මහ බැංකුව පිළිබඳව පරීක්ෂණයක් කර ඇත්තේ පසුගිය වසරේ මැයි 07 දින වන අතර එමගින් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගෙන් පැහැදිලි කිරීමක් ද ගෙන තිබේ.

එමගින් ඔහු පවසා ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය රෙගුලාසි අනුව අලාභයක් වාර්තා කර තිබුණ ද මුදල් නීති පනත අනුව මහ බැංකුව නිත්‍ය වශයෙන් ම ලාභයක් හිමිකරගෙන ඇති බවයි.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා