රැකියා බිහි වෙන්න නම් රට සංවර්ධනය වෙන්න ඕනේ

රැකියා බිහි වෙන්න නම් රට සංවර්ධනය වෙන්න ඕනේ

- හිටපු ජනාධිපති කියයි

වර්තමානයේ පොලිස්පතිගේ හා නිතිපතිගේ කාර්ය භාරයන් බංකළොත් දේශපාලාඥයින් කිහිපදෙනෙක් අතටගෙන ඒ අය ප්‍රකාශ නිකුත් කරන තත්ත්වයට පත්ව ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කෙළේ උතුරුමැද පළාත් සභාවේ සභාපති ටි.එම්.ආර්.සිරිපාල මහතාගේ තඹුත්තේගම පිහිටි නිවසට පසුගිය (12) දා පැමිණි අවස්ථාවේදි එහි පැමිණ සිටි ජනතාව අමතමිනි.

මෙහිදි තවදුරටත් අදහස් දැක්වු හිටපු ජනාධිපතිවරයා මෙසේද කිවේය.

මම දැක්කා පුවත්පත්වල කියලා තියනවා හිටපු ආරක්ෂක ලේකම්තුමා අත්අඩංගුවට ගන්නවා කියලා.මේවා කරන්නේ පොලිසියද නිතිපතිද එහෙම නැතිනම් දේශපාලන මණ්ඩලයද. මේකද යහපාලනය කියලා අපට ප්‍රශ්න කරන්න සිදු වෙනවා.මේ විදියට මේ අය කරන ක්‍රියාවන් මිට වඩා විනයක් ඇතිව කරන්න පියවර ගත යුතුයැයි මා විශ්වාස කරනවා.ජනාධිපතිවරයා ඒ විදියට කටයුතු කරයි කියලා මා විශ්වාස කරනවා.

නිතියට පටහැනි තත්ත්වයන්වලට ඉඩනොදෙන්න පියවර ගතයුතු කාලය ඇවිල්ලා.රට සංවර්ධනයට යන්න ඕනේ නැතිනම් රැකියා බිහි වෙන්නේ නැහැ.සංවර්ධන කටයුතු ආපස්සට නොගෙන ඉදිරියට ගෙනි යන්න පුලුවන්කම තියෙන්න ඕනේ.මේ දිස්ත්‍රික්කයේ සියලුම මැතිවරණ කොට්ඨාශ ජයග්‍රහණය කරදිම පිළිබදව මා අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනතාවට ස්තුති වන්ත වෙනවා.පසුගිය කාලයේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ වැඩි දෙනකු තුවාල ලබලා රෝහල් ගත වෙලා සිටියා.අද ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ අයගෙන් පළි ගන්නවා. ඒවා නතර කරන්න ඕනේ කාලය ඇවිල්ලා තියනවා.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා