රක්ෂණ සංස්ථාවේ ඉහළ පුටුවක් ප්‍රබල ඇමැතිවරයකුගේ ඥාතියකුට දීලා

රක්ෂණ සංස්ථාවේ ඉහළ පුටුවක් ප්‍රබල ඇමැතිවරයකුගේ ඥාතියකුට දීලා

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස තම බිරියගේ සහෝදරයකු පත්කිරීම සම්බන්ධයෙන් රජයේ ප්‍රබලතම ඇමැතිවරයකුට දැඩි විරෝධයක් එම සංස්ථා‍ෙව්ම ජාතික සේවක සංගමයේ ක්‍රියාකාරින් පිරිසක් පළ කැර තිබේ.

පොලිස් සේවයේ සාමාන්‍ය තනතුරක නිරතව සිට ඇති මොහු එයින් ඉවත් කැර මෙම තනතුර ලබාදීමට ඇමැතිවරයා කටයුතු කිරීම මෙම විරෝධයට එක් හේතුවක් වී ඇතැයි එම සංගමයේ ප්‍රකාශකයකු සඳහන් කෙළේය.

අලුතින් පත්වීම් ලබන මොහු සඳහා වැටුප් සහ වෙනත් දීමනා රුපියල් ලක්ෂ තුනකට අධික බව ජාතික සේවක සංගමයේ රක්ෂණ සංස්ථා ශාඛාව පෙන්වා දෙයි.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා