එජනිස සභාපති ජනපති මෛත්‍රී

එජනිස සභාපති ජනපති මෛත්‍රී

ජාතික සංවිධායක ජනක බණ්ඩාර

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සභාපතිවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ජාතික සංවිධායකවරයා ලෙස ජනක බණ්ඩාර තෙන්නකෝන් මහත්වරුන් පත්කර තිබේ.

ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පෙරේදා (14) පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විධායක සභා රැස්වීමේ දී මෙම පත්කිරීම සිදුකර තිබේ.

ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක රංජිත් නවරත්න මහතාගෙ අභාවයෙන් හිස් වූ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විධායක සභාවට ඔහුගේ පුත් අසංක නවරත්න මහතාත්, උතුරු මැද පළාතේ හිටපු මහ ඇමැති දිවංගත බර්ටි ප්‍රේමලාල් මහතාගෙන් හිස් වූ ලේකම් ධූරයට මහින්ද අමරවීර මහතාත් මෙහි දී පත්කර ඇත.

මෙම රැස්වීම උණුසම් මුහුණුවරක් ගෙන ඇති අතර එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා එක්සත් ජාතික පක්ෂ විරෝධී මතයක් ගෙනහැර දක්වමින් කතා කර ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

ඉදිරි මැතිවරණයේ දී එජාප විරෝධි සටනක් ගෙයමින් පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවීමට සන්ධානයේ නායකයන් එකඟතාවය පළකර තිබේ.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා