නව රජය සමඟ ඉවසීමෙන් කටයුතු කරන්න

නව රජය සමඟ ඉවසීමෙන් කටයුතු කරන්න

- මෝදි දෙමළ ජාතික සංධානයට කියයි

නව රජය සමඟ ඉවසීමෙන් කටයුතු කරන ලෙස ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා දෙමළ ජාතික සන්ධානයෙන් ඉල්ලීමක් කළ බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. සුමන්දිරන් මහතා දිනමිණට කියා සිටියේය. සන්ධානයේ නියෝජිතයන් සමඟ පසුගිය (13) වනදා පැවැත් වූ සාකච්ඡාවේ දී ඉන්දීය අග‍මැති මෝදි මහතා මෙම උපදේශය ලබාදුන් බවත් පසුගිය ජනාධිපතිවරණයෙන් බලයට පත්වූ නව රජය වෙනසක් ආරම්භයක් ඇති කර ඇති බැවින් එම වෙනස ඉදිරියට ගෙන යාම සඳහා සහාය වන්නැයි දෙමළ ජාතික සන්ධානයෙන් ඉල්ලා සිටි බවත් සුමුන්දිරන් මහතා කියා සිටියේය.

නව රජය සමඟ කටයුතු කිරීමේ දී එක හඬකින් අදහස් හුවමාරු කර ගත යුතු බවද අගමැති මෝදි මහතා දෙමළ ජාතික සන්ධානයට පවසා තිබේ.

නව රජය පත් කිරීමට දෙමළ ජාතික සන්ධානයේ සහාය ලබා දුන් නිසා ඉවසීමෙන් කටයුතු කරන ලෙස අගමැති මොදි මහතා පවසා සිටි බවත් තම ජනතාවට ඇති ප්‍රශ්න සම්බන්ධයෙන් ඉන්දීය අගමැතිවරයා දැනුවත් කළ බවද සුමන්දිරන් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා