වෑන් රථයක් අඩි 100ක බෑවුමකට පෙරළිලා

වෑන් රථයක් අඩි 100ක බෑවුමකට පෙරළිලා

ගම්පොළ - නුවර මාර්ගයේ ගල්ගෙඩියාව ප්‍රදේශයේදී පාරෙන් ඉවතට පැන ඇති වෑන් රථයක් අඩි 110ක් පමණ බෑවුමක ඇති ඇළට වැටී අනතුරට ලක්වී තිබේ.

මේ වෑන් රථයේ රියැදුරු පමණක් ගමන් කොට ඇති අතර ඔහුට නින්ද යාම නිසා මේ අනතුර සිදුව ඇත. දැඩි බෑවුමකට පෙරළී වෑන් රථයට අලාභ හානි සිදුවී තිබුණද එහි රියැදුරුට කිසිදු සීරීමක් හෝ තුවාලයක් හෝ සිදුවී නොතිබීම මෙහි විශේෂත්වය විය. රියැදුරු ආසන පටි පැලද සිටීම ඔහුට හානි සිදු‍ නොවීමට හේතුවී ඇති බව පරීක්ෂණ පවත්වන ගම්පොළ පොලිසිය සඳහන් කරන අතර මෙය සෑම රියැදුරකුටම හොඳ පාඩමක් බව ද පෙන්වා දෙති.

නුවර , අකුරණ සිට ගම්පොළ දක්වා මේ වෑන් රථය ධාවනය කොට තිබුණි. ගම්පොළ පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති පො. ප. සම්පත් රණසිංහ මහතා ඇතුළු කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ පවත්වති.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා