පොසොන් සමයේ අනුරපුරේ දුම්වැටි අලෙවිය තහනම්

පොසොන් සමයේ අනුරපුරේ දුම්වැටි අලෙවිය තහනම්

පොසොන් සමයේ අනුරාධපුර සහ මිහින්තලේ පුදබිම් ආශ්‍රිතව ඉදිකෙරෙන තාවකාලික වෙළෙඳසල් ඇතුළු සියලුම අලෙවිසල්වල දුම්වැටි අලෙවි කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති බව අනුරාධපුර මහ දිසාපති ඩී. පී. ජී. කුමාරසිරි මහතා පවසයි.

එමෙන්ම මැයි මස 30දා සිට ජූනි මස 05දා දක්වා යෙදී ඇති ජාතික පොසොන් සතිය ඇතුළත මිහින්තලේ සහ අනුරාධපුර පූජා භූමියේ දුම්වැටි භාවිතය ද සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති බව කුමාරසිරි මහතා පවසයි.

මිහින්තලේ රජමහා විහාරාධිපති වළවාහැංගුණවැවේ ධම්මරතන නාහිමියන්ගේ අනුශාසනා පරිදි පසුගියදා (18) මිහින්තලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති මිහින්තලා පොසොන් කමිටු රැස්වීමේදී දිසාපතිවරයා මේ බව අනාවරණය කළේය.

මේ තහනම පොසොන් සතිය නිමවීමෙන් පසු වසරේ සෑම දිනම බලපැවැත්වෙන ලෙස පූජා භූමි කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක කිරීමට මහාසංඝරත්නය ඇතුළු අදාළ පාර්ශවයන් සමඟ ඉදිරියේදී සාකච්ඡා කෙරෙන බව ද මහදිසාපති ඩී. පී. ජී.කුමාරසිරි මහතා පවසයි.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා