කජු වගාවට දිලීර රෝගයක්

කජු වගාවට දිලීර රෝගයක්

අනපේක්ෂිත ලෙස කජු වගාවට දිලීර රෝගයක් වැළදී ඇති බැවින් මාතලේ දිස්ත්‍රික්කයේ කජු වගාකරුවෝ මේ වනවිට දැඩි අපහසුතාවකට මුහුණ පා සිටිති.

අතිරේක ආදායමක් ලබා ගැනීමේ අරමුණින් විශාල පිරිසක් මේ වගාව සදහා යෙදී ඇති අතර මේ වනවිට දිස්ත්‍රික්කයේ අක්කර පන්දහසකට අධික බිමි ප්‍රමාණයක් කජු වගාවට යොදවා තිබේ.

මේ අතර කජු වගාවට දැනට වැළදී ඇති මේ දිලීර රෝගය නිසා එහි දළු මැලවීගොස් මේරූ කජු පත්‍රද ක්‍රමයෙන් වියළී ඇකිලියාම සිදුවන බව පවසන වගාකරුවෝ කුඩා අතුවල නාරටියෙහි මැදකොටසද පණුවකු විසින් කා දමන බවද සදහන් කරති.

මේ දිලීර රෝගය මර්දනය කිරීම සදහා කළ යුතු ප්‍රතිකාරයක් මෙතෙක් අදාළ අංශ විසින් හදුන්වාදී නොමැති බැවින් කජුවගාව විනාශවී යාමට ඉඩහැරීම හැර වෙනත් කළයුතු දෙයක් නොමැති බව වැඩි දුරටත් පෙන්නා දෙති.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා