දින තුනකදී විදේශයන්හි සිටි ලාංකිකයෝ 9 ක් මරුමුවට

දින තුනකදී විදේශයන්හි සිටි ලාංකිකයෝ 9 ක් මරුමුවට

පසුගිය දින තුනක කාලයේදී විවිධ අනතුරු හේතුවෙන් ශ්‍රී ලාංකිකයන් නවදෙනෙකු විදේශයන්හිදී මියගොස් ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

විදුලි කාන්දුවක් නිසා ගොඩනැගිල්ලක හටගත් ගින්නකින් ඇතිවූ විෂ දුමාරයක් හේතුවෙන් බහරේන්වලදී කාන්තාවන් තිදෙනෙකු මියගොස් ඇති අතර නාන කාමරයේ දියනාමින් සිටියදී 19 හැවිරිදි තරුණියක් ජෝර්දානයේදී මියගොස් ඇත.

ජෝර්දානය හා බහරේන් ඇතුළු රටවලදී මේ ශ්‍රී ලාංකික පිරිස මිය ගොස් තිබෙන අතර ඔවුන්ගේ මළසිරුරු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මැදිහත්වීම මත දිවයිනට ගෙන්වීමට කටයුතු යොදා තිබේ.

බහරේන්වලදී මියගිය කාන්තාවන් තිදෙනාගේ මළසිරුරු ශ්‍රීී ලංකාවට පසුගියදා රැගෙන එන ලද අතර විදේශ රටවලදී මියගිය සියලුම ශ්‍රී ලාංකිකයන්ගේ මෘතශරීර ගෙන්වීමේ සිට ඔවුන්ගේ අවසන් කටයුතු දක්වා සියලු වියදම් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් දරනු ඇත.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා