ඔහුට පුළුවන් ද?...

ඔහුට පුළුවන් ද?...

මං හිතන්නේ මා ඔහු වගේ පහළට වැටිල ඒවා කළ යුතු නෑ.

ඔහු ගේ පෞද්ගලික ජීවිතය තුළ ඔහු දැඩි කෙනෙක් බව දැනටමත් රටම දන්නවා. කරණවෑමිය ගේ කණ කපපු කථාව, ඔම්ලට් දාන කෝකිය ගේ කතාව ඉතා ප්‍රසිද්ධයි.

ඔහු ගේ ජනාධිපතිවරණ සටනේ දී මාව කොච්චර විවේචනය කළා ද? ඒත් ඔහු මටත් ජනාධිපතිටත් කොච්චර ප්‍රශංසා කරලා තිබෙනවා ද? ඔහු හුඟක් වෙලාවට කිව්වා මං ටයි ගැටය තද වෙලා විකාර දොඩවනවා කියලා. ඒත් මං එදා ඔහු ගැන දරපු මතයේම තමයි අදත් ඉන්නේ.

ඒත් ඔහු මේ රටට ජනතාවට ද්‍රෝහිකම් කරන පිලට ගිය කෙනෙක්. ඔහු ඔහුගේ වීර භූමිකාවට පයින් ගහලා ඉත්තෙක් වෙලා. අද මේ රටේ ආරක්‍ෂාව අනතුරට දමන්න ඔහු කරන ප්‍රකාශ හේතු වෙලා තියෙනවා.

ඉතිහාසය යුක්තිය ඉටු කරයි. මාත් ඔහුත් ජනපතිතුමාත් සසදන්න බැහැ. ජනාධිපතිතුමා ගේ ඇඟිල්ලකටවත් ඔහුට ළංවෙන්න බෑ. ඔහු පොට වරද්දාගෙන. හමුදා ගෞරවය, රටේ ආරක්‍ෂාව පාවා දෙන කුරිරු චරිතයක් වෙලා. දේශපාලනය කියන්නේ ගැඹුරු හා දාර්ශනික එළැඹුමක්. ඒ සඳහා කල් අවශ්‍යයි.

හමුදා නිල ඇඳුමට තීරණ ගත්ත පළියටම කෙනෙකුට සාර්ථක වෙන්න බෑ. ඒක ගලවා දමා ජනතාව ඉදිරියට ගිහිල්ලා කෙළින් හිටගන්න ඔහුට පුළුවන් ද?

- ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා සමඟ ගාමිණී සුමනසේකර මහතා කළ සාකච්ඡාවක් ඇසුරිණි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා