ජනපතිගේ විජයග්‍රහණයට උරදුන් දේශප්‍රේමි සැමට

ජනපතිගේ විජයග්‍රහණයට උරදුන් දේශප්‍රේමි සැමට
‘සිය සවිය’ ප්‍රණාමය

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ගේ ජයග්‍රහණය සහතික කිරීමට අපරාජිත ජනමතයක් නිර්මාණය කරමින් දෙස් විදෙස් අභියෝගයන් බිඳ දැමූ සිවිල් සංවිධාන ප්‍රමුඛ දේශප්‍රේමි ජනතාවට “සිය සවිය” සංවිධානය ප්‍රණාමය පුද කර සිටී.

දේශපාලන ඉතිහාසයේ ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ල (1971) ජේ. ආර්. ජයවර්ධන මහතාගේ පාලන කාලයේ පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩත්වය (1977), කළු ජුලිය (1983), එක්සත් ජාතික පක්‍ෂයේ හා ජනතා විමුක්ති පෙරමුණේ භීෂණ සමය (1989, 1990) සහ තිස් වසරක යුද්ධය අප රටට, සිවිල් සමාජයට අහිමි කළ ජීවිත, දේපළ හානිය ඉමහත් ය.

දේශපාලන, සිවිල් සංවිධාන මුහුණුවරින් වෙස් ගැන්වෙන මේ බලවේග මුලිනුපුටා දැමීමට, සිවිල් සංවිධාන සීරුවෙන් පෙළ ගැසිය යුතු බව ද එම සංවිධානය පවසයි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා