රෝග විනිශ්චය කිරීම් පහසු කිරීමට

රෝග විනිශ්චය කිරීම් පහසු කිරීමට
රසායනාගාර පහසුකම් නව ක්‍රමයකට

රසායනාගාර පහසුකම් නොමැති රෝහල්වලට පැමිණෙන රෝගීන්ගේ රෝග තත්ත්වයන් පරීක්‍ෂා කිරීම සඳහා අදාළ සාම්පල එම රෝහල් අසල පිහිටා තිබෙන පෞද්ගලික රසායනාගාරවලට ලබාදී රෝග නිශ්චය කිරීම කඩිනම් කිරීමේ වැඩපිළිවෙළක් සෞඛ්‍ය අමාත්‍යංශය ආරම්භ කර තිබේ.

මෙයට මාසයකට පමණ පෙර නියාමන ව්‍යාපෘතියක් ලෙසින් මෙම වැඩපිළිවෙළ ආරම්භ කළ බවත්, මේ යටතේ රෝගීන්ගේ රෝගී තත්ත්වය නිශ්චය කිරීම කඩිනම් කිරීමට හානි වී තිබෙන බවත්, සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රකාශ කරයි.

මෙයට පෙර මෙම පරීක්‍ෂණ කටයුතු සිදුකළේ ආසන්නව පිහිටි රෝහල්වල තිබෙන රසායනාගාරවලට ඒවා යොමු කිරීමෙන් බවත්, එම රෝහල්වලට පැමිණෙන අතිවිශාල රෝගීන් සංඛ්‍යාව හේතුවෙන් පරීක්‍ෂණ කටයුතුවල ප්‍රමාදයක් සිදුවූ බවත් සඳහන් කළ සෞඛ්‍ය අමාත්‍යංශය මේ යටතේ රෝගියාට කඩිනමින් ප්‍රතිකාර කිරීමට අදාළ වෛද්‍යවරයාට හැකිවන බවද කීය.

රෝහල අසල තිබෙන පෞද්ගලික රසායනාගාර මගින් මෙම පරීක්‍ෂණ කටයුතු සිදුකර කඩිනම් ප්‍රතිඵල ලබාගැනීමෙන් අනතුරුව එම රසායනාගාරවලට අදාළ ගෙවීම් සිදුකිරීමට කටයුතු යොදා ඇති බවද සෞඛ්‍ය අමාත්‍යංශය වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා