ගම්පොළ විහාරාධිපති ඝාතනයට සැක දෙදෙනා 12 දා තෙක් රිමාන්ඩ්

ගම්පොළ විහාරාධිපති ඝාතනයට සැක දෙදෙනා 12 දා තෙක් රිමාන්ඩ්

ගම්පොළ තැඹිලිගල ශ්‍රී බෝධිරුක්ඛාරාමයේ විහාරාධිපති හිමියන් සහ තවත් අයකු අත්බෝම්බ ප්‍රහාරයක් එල්ලකැර ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් දෙදෙනා මේ මස 12 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ගම්පොළ අතිරේක දිසා විනිසුරු විරාජ් බණ්ඩාර රණතුංග මහතා ඉකුත්දා (5දා) නියෝග කෙළේ ය.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ , යුද හමුදාවෙන් පැන ආ සෙබළෙකු වන ප්‍රසන්න ධර්මප්‍රිය සහ චමින්ද ධර්මපිය නැමැති පුද්ගලයන් දෙදෙනාය.

 ජනාධිපතිවරණයට පසුදින තැඹිලිගල විහාරස්ථානය ඉදිරිපිට සිදු වූ මෙම බෝම්බ ප්‍රහාරයෙන් මාතර විමලානන්ද හිමි සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආධාරකරුවකු වූ වසන්ත කුමාර නැමැති අය මිය ගියහ.

සිද්ධිය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ඇතුළු තවත් තිදෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලිසිය පවසයි.
ගම්පොළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොෂාන් ප්‍රනාන්දු මහතාගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ පැවැත්වේ.

අත්අඩංගුවට ගත් එක් අයකුª යුද හමුදා සේවයේ නියුතු අයකු වන අතර ඔහු පොලිසියට බාර දීම සඳහා යුද හමුදා පොලිසියට දැනුම් දී ඇති බව පොලිසිය පවසයි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා