දානය

දානය

මේ ලිපියේ මුල් කොටස පසුගිය සතියේ පළ විය.

දනින් දෙව්සැපත් විඳිමැ’යි සිතා 1. යමෙක් තමන් සිතූ දෙයින් දන් දේද, අනුන් සමාදන් නොකරවයි ද ( සම්බන්ධ කර නොගනීද) හෙතෙමේ උපන් උපන් තන්හි භොග සම්පත් ලබයි. පරිවාර (= පිරිවර) සම්පත් නොලබයි. 2. යමෙක් තමන් සතු දෙයින් දන් නොදේද අනුන් සමාදන් කරවයි ද හෙතෙමේ උපනුපන් තන්හි පරිවාර සම්පත් ලබයි. භොග සම්පත් නොලබයි. 3. යමෙක් තමන් සතු දෙයින් දන් දේද අනුන් සමාදන් කරවයි ද හෙතෙමේ උපන් උපන් තන්හි සොයා සම්පතුත් පරිවාර සම්පතුත් ලබයි. 4. යමෙක් තමන් සතු දෙයින් දන් නොදේද අනුන් සමාදන් නොකරවයි ද නොහොත් අනුන් දෙන දනුත් වළක්වයි ද හෙතෙමේ උපන් උපන් තන්හි භෞගසම්පතුත් නොලබයි. පරිවාර සම්පතුත් නොලබයි. සසරැ ගමනේදී භාග්‍යසම්පන්නව කල් යැවීමට මේ භොග පරිවාරාදි සම්පතුත් වුවමනා මයි.

තෙවැදෑරුම් දාන සම්පත්

පුබ්බෙ’ව දානා සුමනො - දදං චිත්තං පසාදයං
දÀවා අත්තමනො හොති - එසා යඤ්ඤස්ස සම්පදා ‘ යි

දැක්වුණු පරිදි කෙසේ වූ හෝ දනක් දෙනුවන් විසින් 1. දන් පිරි නමන්නට පළමු දනක් දෙමැ යි සිතූ තැන් පටන් දාන වස්තූන් සොයා සකසන තාක් කල් ම සතුටු සිතැති විය යුතු ය. නොහොත් අලෝභ - අද්වේෂ - අමොහාදි වශයෙන් ශෝභන වූ සිත් ඇත්තවුන් විය යුතු ය. 2. දෙමිනු ත් හෙවත් ඒ දාන වස්තූන් ප්‍රතිග්‍රාහකයනට පිරිනමන ප්‍රස්ථාවයෙහි ත් සිතේ පැහැදීම සතුට ඇති කැරැ ගත යුතු ය. 3. දුන් පසු එය සිහි වූ අවස්ථාවන්හි අහෝ, ආශ්චය¸ ය. ම විසින් ලෝහ නමැති සතුරා පරදවා මේ හැර දමා යන දෙයින් මහඟු දනක් දෙන ලදැ’ යි පී‍්‍රති විය යුතු ය. නො පසුතැවිය යුතු ය.

මේ තුන් තන්හි සිත් පහදනු ත්‍රිවිධ යාග සම්පත් (තෙවැදෑරුම් දාන සම්පත්) නම් වේ. දන් පිරිනැමීමට කලින් අනන්තාපරිමාණ කුශලචිත්තයන්හි වූ පූර්ව භාග දානමය කුශලචේතනා සමූහයෙන් ද, දන් පිරි නැමීමෙන් පසුව උපන් එසේම වූ අපරභාග දානමය කුශල චේතනා සමූහයෙන් ද පිරුණා වූ දන් පිරිනමන ප්‍රස්තාවයෙහි උපන් දානමය කුශලජවන චිත්තයන්හි යෙදුණු මුඤ්චන චේතනාවෝ බලවත් වෙති. පිරිවර බලෙන් බලසපන් වෙති. පූර්වභාගයෙහි පසුබැසීමෙන් හෝ අපරභාගයෙහි පසුතැවීමෙන් හෝ කුසලින් නො පිරිවැරුණහු නම් මුඤ්චන චේතනා වෝ දුබල වෙති. බලවත් ප්‍රතිසන්ධියක් සලසන්නට අසමර්ථ වෙති.

මේ පූර්ව අපරභාග චේතනාවෝ නා නා ක්ෂණික චේතනා වශයෙන් ප්‍රතිසන්ධිජනක කර්ම නම් වූ මුඤ්චන ක්‍රියා සාධක ජවන චේතනාවනට රුකුල් දෙති. එබැවින් දනට මේ දෙවැදෑරුම් දානසම්පත්තිය මෙන් වෙන හැම පින්කමට ත් ත්‍රිවිධ චේතනාසම්පත්තිය අවශ්‍ය වේ. අකුශල පක්‍ෂයෙහි දූ දෙපැත්තේ චේතනාවන්ගෙන් පිරිවැරුණු බව ද, ක්‍රියා සාධක ජවන චේතනාවන්ගේ තියුණු බව ද කටුක විපාක දානශක්තිය බලවත් කෙරෙති. කලක් මුළුල්ලේ සිත සිතා උපක්‍රම යොදමින් වූත් ප්‍රස්තාවය පැමිණි කල කළා වූ දරුණු අපරාධය පසුවත් සිත සිතා මා කල හැටි මැනවැ’ යි සතුටු වන්නහුට කටුකතර විපාක ලැබෙන්නේ එහෙයිනි.

තවත් සම්පත් තුනක්

මේ දානමය පුණ්‍යක්‍රියාවෙහි ලැබිය යුතු තවත් සම්පත් තුනෙකි. ක්‍ෂෙත්‍ර සම්පත්, වස්තු සම්පත්, අධ්‍යාශය සම්පත් යන මොවුහු වෙති. එයින් :

1. ක්‍ෂෙත්‍ර සම්පත් නම් කෙත හොඳින් ලැබීමයි. හෙවත් දන් පිළිගන්නවුන් සිල්වතුන් ගුණවතුන් ම ලැබීමයි.

2. වස්තු සම්පත් නම් ඒ පින්කෙත්හි වැපිරෙන බිජුවට වැනි වූ දේයධර්මයන් (= දාන වස්තූන්) හොඳින් ලැබීමයි. ඒ දාන වස්තූන්ගේ හොඳ බව ද - දැහැමින් සැපයුණු බවය, තමනට ඇතිතාක් දැයින් ප්‍රණීතකර බවය. කැප සරුප් බව හා ප්‍රතිග්‍රාහකයනට හිතකර වූ වස්තුවක් වන බව යයි තෙවැදෑරුම් වේ. අධාර්මික ව සැපයූ අති ප්‍රණීත වස්තූ හු දු මහත්ඵල නොදෙති.

3. අධ්‍යාශය සම්පත් නම් දායකයාගේ අදහස් සොඳින් ලැබීමයි හෙවත් සීල ගුණයෙහි පිහිටි දායකයාගේ කර්ම කර්මවිපාක සලකන නුවණින් යුතු, අනුකම්පා අදහසින් හෝ පූජා අදහසින් හෝ යුතු, ප්‍රතිග්‍රාහකයන් කෙරෙහි කුලුණු මෙත් සිතැති, තෘෂ්ණා දෘෂ්ටි මානාදියෙන් ඉවත් වූ පිරිසිදු අදහස් ය. නිසරු කෙතෙහි බොල් වී අධක්‍ෂ ගොවියකු විසින් වපුළාක් මෙන් මේ සම්පත් තුනෙන් තොර ව දුන්දන මහත්ඵල නොවේ.

ශාසනික දානයන්හි ක්‍ෂේත්‍රවන්නේ තුනුරුවන් ය. පළමු ව තිසරණ පන්සිල්හි පිහිටා තමන් සිල්වත් ව බුදුබණින් උගත් පරිදි සලකා දෙන බැවින් එහි අධ්‍යාශය සම්පතු ත් හොඳින් ලැබී හැකි වේ. පස් වෙළෙඳාම් ආදියෙන් තොර ව මනා දිවෙලින් (- ජීවිකාවෙන්) සපයා ගත් දෙයින් දෙන බැවින් වස්තු සම්පතු දූ ලැබීය හැකි වේ. එ බැවින් මේ තුන් ආකාර වූ සම්පතින් යුත්දන් පිරිනැමීම බුදුසසුන් හි ම පහසු වේ.

චෙතියමහි ව සංඝෙ වා - පුග්ගලෙ අතිථිසූ වා
මාතරි පිතරී වා’පි - අථො ජෙට්ඨමහි භාතරි

යන ආදීන් නිධිකණ්ඩ සූත්‍රයෙහි වදාළ පරිදි සාරීරික චේතිය ය, පාරිභෝගික චේතිය ය, උද්දේසිකචේතිය යයි බුදුරුවන් පිළිබඳ ත්‍රිවිධ චෛත්‍ය ය, දමුරුවන් ය, මහ සඟුරුවන් ය, සිල්වත් ගුණවත් පුද්ගලයෝ ය, ආගන්තුකව පැමිණි භවන්හු ය, මවු ය, පියා ය, වැඩිහිටි සහෝදර සහෝදරියෝ ය, ගුරුවරා දි සැලැකිය යුත්තෝ ය. යන අදීහු ද ඔවුන් ඔවුන් ගුණපමණින් පින් කෙත් වෙති. මෙ ලොව යමක් නොතකා පරලොව ම තකා දිය යුතු දක්ෂිණාව බලන්නට නිස්සෝ වෙති.

දක්‍ෂිණා විශුද්ධිය

දක්‍ෂිණා නම් මෙ ලොව කිසිවක් නොතකා පරලොව ම තකා නොහොත් සංසාරමුත්තිය හෝ සලකා පිරිනැමෙන දනයි. දක්ඛිණා’ති = පරලොකං සද්දභිÀවා දාතබ්බ දානං යනු අටුවායි. දක්ෂිණා විශුද්ධියට ( = දක්‍ෂිණාවන් පිරිසිදු වීමට) දායකයා සිල්වත් වීමය. ප්‍රතිග්‍රාහකයා සිල්වත් වීමය. දැහැමින් ලැබුණු කැප සරුප් දෙයක් වීමය. කර්ම කර්ම විපාක සලසන. නුවණින් යුතු වීම ය. දායකයාගේ සිත්සතන් මසුරුමල ආදි කෙලෙස්මලින් ඉවත් ව ශ්‍රද්ධාදි ගුණයෙන් පැහැදීම යන ආදි ගුණායෝ අවශ්‍යයෙන් වුවමනා වෙති.

ප්‍රතිග්‍රාහකයා දුශ්ශීල වේ නම් දායකයා සිල්වත් නම් දායකයාගේ වශයෙන් දක්‍ෂිණාවිශුද්ධිය ලැබේ. ප්‍රතිග්‍රාහකයා සිල්වත් වේ නම් දායකයා දුශ්ශීල නම් ප්‍රතිග්‍රාහකයාගේ වශයෙන් දක්‍ෂිණාවිශුද්ධිය ලැබේ. ප්‍රතිග්‍රාහකයාත් දායකයාත් දෙදෙනම සිල්වත් වෙත් නම් දෙපක්‍ෂයෙන් ම දක්‍ෂිණාවිශුද්ධිය ලැබේ. ප්‍රතිග්‍රාහකයාත් දායකයාත් දෙදෙන ම දුශ්ශීලයෝ නම් දෙපසින් ම නො වන දක්‍ෂිණවිශුද්ධියයි. දක්‍ෂිණාවිශුද්ධි ප්‍රභේදයෝ සිවු දෙනෙකි.

කාලදාන

1. ආගන්තුක ව පැමිණියහුට දන් දේ ද, 2. ගමනක් යන්නට සැරසෙනුවහුට දන් දේ ද, 3. ගිලන් වුවහුට දන් දේ ද. 4. දුර්භික්‍ෂයෙහි හෙවත් අහර ලබා ගැනීම දුෂ්කර වූ කාලයෙහි දන් දේ ද, 5. අග්‍ර සස්‍ය අග්‍රඵල ( = අළුත් බත් ආදිය) පළමු ව සිල්වතුන්හට දේ ද යන මෙ පස කාලදානයෝ හෙවත් සුදුසු කාලයට පිරිනමන දානයෝ නම් වෙති.

අසත්පුරුෂ දාන

1. යමෙක් දන් නොසකස් කොට දේ ද, හෙවත් සාදරයෙන් පිළියෙළ නො කොට, දෙන දෙය කෙරෙහිවත් පිළිගන්නහු කෙරෙහි වත් අමුතුවෙන් සකස් කිරීමක් නැතිව දේ ද 2. දෙන දෙය හා එය පිළිගන්හුට අගෞරව කොට දේ ද, 3. සියතින් නොදී දැසි දසුන් ලවා දේ ද. 4. දමා පියන දෙයක් මෙන් කලාතුරකින් දේ ද. 5. කම්පල නොඅදහා දේ ද යන මොවුහු අසත්පුරුෂ දානයෝ වෙති.

සත්පුරුෂ දාන

1. යමෙක් දන් සාදරයෙන් පිළියෙළ කොට දේ ද, 2. දෙන දෙය කෙරෙහි ත් පිළිගන්නවුන් කෙරෙහි ත් සැලකිල්ලක් ගෞරවයක් ඇති ව දේ ද. 3. අනාදිමත් සංසාරයෙහි මා අත් පා නැති ව උපන් කල් ප්‍රමාණයක් නැත, එ බැවින් සිය අතින් දුන මැනැවැ යි තමන්ගේ අතින් ම දේ ද, 4. හවුරුද්දෙන් පල දෙන සොඬල වැල් සෙයින් කලාතුරකින් නො දී නිතර ම පාහේ දේ ද, 5. කර්ම කර්මවිපාක අදහා දේ ද යන මොවුහු සත්පුරුෂ දානයෝ නම් වෙති.

බෝධිසÀවාදි උත්තමයෝ වණ පිළියල් ඇති පිළිකුල් බැගෑ පත් දුගියකුට වුවත් දෙන දෙය සකසා පිළියෙළ කොට වෙතට ගොස් සාදරයෙන් සුව දුක් විචාරා මෙළෙක් බසින් සිත් සනසා සියතින් ම දෙති. එයින් මේ දානය නමැති පුණ්‍ය ක්‍රියාවට ගරු කළාත් වේ. තමන් හා අනුන් ගේ සිත්සතන් මෙළෙක් කළාත් වේ.

තවත් සත්පුරුෂ දාන හා එහි විපාක

1. ශ්‍රද්ධාවෙන් දන් දීම 2. සත්කාර කොට දන් දීම 3. සුදුසු කල්හි නොලැසිව දැන් දී ම 4. මසුරුමලින් නොබැඳුණු සිතැති ව දන්දීම 5. තමා වත් අනුන්වත් නො ගටා දන්දීම යන මොවුහුද බුද්ධාදී උතුමන් හසළ ( = පුරුදු කළ) සත්පුරුෂ දානයෝ වෙති.

1. ශ්‍රද්ධාවෙන් දන් දීමේ විපාකයෙන් භවභෝග සම්පත් සමඟ ප්‍රසාදකර වූ රූප සම්පත් ද ලැබේ.

2. සකසා හෙවත් සත්කාර කොට දන්දීමෙන් භව භෝග සම්පතුත් සමඟ කීකරු වූ අඹු දරු දැසි දස් පිරිසු ත් ලැබේ. 3. සුදුසු කල්හි නොලැසිව දීමෙන් භව භෝග සම්පත් ලබණු පමණක් නොව, සම්පත් විඳින්නට නිසි වයස් හි බොහෝ සම්පත් වැඩි වැඩි වත් ප්‍රණීත ව ත් ලැබෙති. 4. මසුරුමලින් නො බැඳී දීමෙන් භවභෝග සම්පත් ලබනු පමණක් නොව, ලත් සම්පත් විඳින්නට සිත් නැමෙනුයේ ත් වෙ යි. 5. තමා හුවා පීමෙන් තමහට වත්, අනුන් හෙළා දැකීමෙන් පරනට වත් ගැටීමක් නො කොට දීමෙන් භවභෝග සම්පත් ලබනු පමණක් නොව, ඒ ලැබූ සම්පත්වලට ගිනි පිනි සොර සතුරු ආදීන්ගෙන් කිසි ත් උවදුරක් නො වේ.

දානානිසංස

1. දන් දෙනුයේ මෙලොවදී ම බොහෝ දෙනහට පි‍්‍රය වෙයි. 2. සත්පුරුෂයන් හා සමාගම ය ලබයි. 3. දසදෙස පතළ කීර්තිය ලබයි. 4. ගිහි ගෙවැසියන් ගේ ධර්මයෙන් යුක්ත වේ. ( දන් දීම ගිහි ධර්මයක් වන බැවිනි.) 5. මරණින් මතු සුගති (= ස්වර්ග) සම්පත් ලබයි යන මොවුහු දානානිසංසයෝ වෙති.

පෙර දන් නුදුන් අය පැවිදි ව රහත් වුවත් සුව දුක් ලැබීමේ වෙසෙස් ඇති බව සීවලි ලොසක තෙරවරුන්ගේ කථාවලින් දත හැකි වේ. නිසි ලෙස පිරිනැමු දනින් නොලද හැකි ලෞකික සම්පත්තියක් නැති බව ත්, එය ලොවුතුරා සැපතට ද උපනි:ශ්‍රය (= බලවත් ආධාරයක්) වන බවත් වදා රා තිබේ.

ඉදින් මිනිස්සු භාග්‍යවතුන් වහන්සේ වාගේ ම දීමෙහි අනුසස් දනිත් නම්, පිළිගන්න කෙනෙක් ද ඇත්නම් නොදී නොවළඳති. මසුරුමල ඔවුන් සිත ඇවිළ ගෙන නොදී සිටී යයි වදාළ සේක.

දීමේ නොදීමේ වෙනස

එක් සමයෙක්හි සුමනා රාජකුමරිය බුදුරජාණන් වහන්සේ වෙතගොස් වැඳ එකත්පස් ව හිඳ,

‘ ස්වාමීනි, මේ ශාසනයෙහි භාග්‍යවතුන් වහන්සේගේ සමාන ශ්‍රද්ධා ඇති, සමාන සිල් ඇති, සමාන ප්‍රඥා ඇති ශ්‍රාවකයෝ දෙදෙනෙක් වෙති. එයින් එක ශ්‍රාවකයෙක් දෙන්නේ වේ. අනෙක් ශ්‍රාවකයා නොදෙන්නේ වේ. ඔවුන් දෙදෙන මරණින් මතු දෙව්ලොව උපන් කල ඔවුන්ගේ නානÀවයක් හෙවත් වෙනසක් වන්නේ දැ ‘ යි විචාළාය. ඔව් සුමනාවෙනි, දුන්නා වූ ශ්‍රාවකයා නුදුන් ශ්‍රාවකයා දිව්‍ය වූ ආයුෂයෙන් දිව්‍ය වූ වර්ණයෙන් දිව්‍ය වූ සුඛයෙන් දිව්‍ය වූ යසසින් ( - කීර්ති පරිවාරාදියෙන්) දිව්‍ය වූ ආධිපත්‍යයෙන් අභිභවනය කෙරෙයි. (= ජය ගනී යයි) වදාළ සේක.

“ස්වාමිනී ඉඳින් ඒ දෙව්ලොවින් චුත වූ ඔවුහු මිනිස් ලොව උපදිත් ද, ස්වාමිනී, මනුෂ්‍ය වූ ඔවුන්ගේ වෙනසක් වෙන්නේදැ’යි සුමනා කුමාරිකාව ආසුවාය. ඕව සුමනාවෙනි, දුන්නා වූ ශ්‍රාවකයා නුදුන් ශ්‍රාවකයා, මනුෂ්‍යමය වූ ආයුෂයෙන් මනුෂ්‍යමය වූ වර්ණයෙන් මනුෂ්‍යමය වූ සුඛයෙන් මනුෂ්‍යමය වූ යසසින් මනුෂ්‍යමය වූ ආධිපත්‍යයෙන් අභිනවය කෙරෙ යි” වදාළ සේක.

“ස්වාමිනී, ඉඳින් දෙදෙන ගිහිගෙයින් නික්ම ශාසනයෙහි පැවිදි වෙත් ද,, ස්වාමීනි, පැවිදි වූ ඔවුන්ගේ වනාහි වෙනසක් වන්නේදැ’යි ඇසීය. “ ඔව් සුමනාවෙනි, දුන්නා වූ භික්‍ෂුව නුදුන් භික්‍ෂුව මෙන් නොව දායකයන් විසින් ආරාධනා කරන ලද්දේ බොහෝ සිවුරු පරිභෝග කරයි. ආරාධනා නොකරන ලද්දේ මඳක් පරිභෝග කරයි. දායකයන් විසින් ආරාධනා කරන ලද්දේ බොහෝ පිණ්ඩපාතය පරිභෝග කරයි දායකයන් විසින් . 1. පිරිසුදු ව දේ ද, 2. ප්‍රණීත ව හෙවත් තමහට පුළුවන් තරමින් හැකි තාක් මිහිරි කොට දේ ද, 3. සුදුසු කල හෙවත් යමක් යම් මොහොතෙක ප්‍රතිග්‍රාහකයනට අවශ්‍යයෙන් ම වුවමනා නම් ඒ මොහොතෙහි ම දේ ද, 4. කැප සරුප් කොට දේ ද හෙවත් පැවිද්දනට නම් ඔවුනට කැප සරුප් වූ දෙය ද, ගිහියනට වුවද මත්පැන් ආදී නොසරුප් දේ නොදී කැඳ බත් ඇඳුම් ආදියත් ලෙඩුනට නම් පථ්‍යාහාර බෙහෙත් ආදියත් දේ ද, 5. සොයා බලා විමසා දේ ද හෙවත් සිල්වතුන් හා දුසිලුන් විමසා සිල්වත්නට ප්‍රණීත අප්‍රණිත දාන වස්තුනු ත් විමසා බලා හැකි තාක් ප්‍රණීතවත් දේ ද, 6. නිතොර ව නොකඩ ව දිනපතා හැකි පමණින් දේ ද, 7. දෙන ගමනේ සිත්සතන් මසුරුමල ආදියෙන් කැළැක්විය නො දී සිත පහදවා ගෙන දේ ද, 8. රිදී නිමවාත් අහෝ අපි හොඳ දනක් දුනිමු යයි සතුටු වේ ද යන මේ අට ද සත්පුරුෂ දානයෝ වෙති.

මෙහි සිල්වත් දුසිල්කම් විමසා බලා තෝරා බේරා සිල්වත්නට දීමක් වදාළේ: දුසිල් පිරිසට දෙන දේ වළක්වනු පිණිස නොවේ. සිල්වත්නට දුන් දන් ම වැඩි අනුසස් ඇති බව දක්වනු පිණිස පමණෙකි. ළඟ ම වෙසෙන සිල්වතුන් නොතකා, ඔවුන් පෙළනා හෙළා දක්නා සිතින් ඈත වෙසෙන දුශ්ශීලයනට අනුබල දීම් වශයෙන් දෙතොත් එය නම් නුසුදුසු වේ. දුශ්ශීලයා වුව ද යැපෙන මං නැති කල්හි ලබන්නට නිසි වේ.

තුදුස් (14) පුද්ගලික දාන

1. සම්‍යක් සම්බුදුවරයන් වහන්සේ නමකට දෙන දානය ප්‍රථම පුද්ගලික දක්ෂිණාව නම් වේ. 2. පසේ බුදුවරයන් වහන්සේ නමකට දෙන දාන දෙවැනි පුද්ගලික දක්ෂිණාව නමි. 3. තථාගත ශ්‍රවක වූ රහත් නමකට දෙන දාන තෙවැනි පුද්ගලික දක්ෂිණාව නම් වේ. 4. අරහත් ඵලය ලැබීම පිණිස ප්‍රතිපත්ති පුරන පුද්ගලයකුට දෙන දන සිවුවන පුද්ගලික දක්ෂිණාවයි. 5. අනාගාමී ශ්‍රාවකයකුට දෙන දන පස්වැනි පුද්ගලික දක්ෂිණාව යි. 6. අනාගාමී ඵලය ලැබීමට ප්‍රතිපත්ති පුරන පුද්ගලයකුට දෙන දන සවැනි පුද්ගලික දක්‍ෂිණාව යි. 7. සකදාගාමී ශ්‍රාවකයකුට දෙන දන සත්වැනි පුද්ගලික දක්‍ෂිණාව යි. 8. සකෘදාගාමි ඵලය ලැබීමට ප්‍රතිපත්ති පුරන පුද්ගලයකුට දෙන දන අටවැනි පුද්ගලික දක්‍ෂිණාව යි.

9. සෝවාන් වූ ශ්‍රාවකයකුට දෙන දන නව වැනි පුද්ගලික දක්‍ෂිණාව යි. 10. සෝවාන් පලය ලැබීම පිණිස ප්‍රතිපත්ති පුරන පුද්ගලයකුට දෙන දන දසවැනි පුද්ගලික දක්‍ෂිණාව යි. (යටත් පිරිසයෙන් තිසරණ ගතයා ද සෝවාන් ඵලය ප්‍රත්‍යක්‍ෂ කිරීම පිණිස පිළිපන්නේ වෙයි), 11. වස්තුකාම ක්ලේශකාම යන කාමයන්හි පහවූ ආලය ඇති කම්මවාදී කිරියවාදී ලෞකික පඤ්චාභිඥාලාභී වූ බුදු සසුනෙන් පිටත්හි වූ තාපසයකුට දෙන දන එකළොස්වැනි වූ පුද්ගලික දක්‍ෂිණාවයි. 12. පෘථග්ජන සිල්වතකුට දෙන දන දොළොස් වැනි වූ පුද්ගලික දක්‍ෂිණාව යි. 13. පෘථග්ජන දුශ්ශීලයකුට දෙන දන තෙළෙස්වැනි වූ පුද්ගලික දක්‍ෂිණාව යි. 14. තිරිසන් සතකුට දෙන දන තුදුස්වැනි වූ පුද්ගලික දක්‍ෂිණාව නම් වේ.

පුද්ගලික දානානිසංස

තිරිසන් සතකුට දන් දීමෙන් ජාති සියයක ආයුෂ වර්ණ, සැප, බල, ප්‍රඥා යන අනුසස් ලැබේ. 2. පෘථග්ජන දුශ්ශීලයකුට දන් දීමෙන් ජාති දාහක් අනුසස් ලැබේ. 3. පෘථග්ජන සිල්වතකුට දන් දීමෙන් ජාති ලක්‍ෂයක ආනිසංස ලැබේ. 4. කාමයන්හි පහ වූ ආසා ඇති බුදුසස්නෙන් පිටත්හි වූ තාපසයකුට දෙන දානයක් ජාති කෙළ ලක්‍ෂයක අනුසස් ලැබේ. 5. සෝවාන් වීමට ප්‍රතිපත්ති පුරන්නකුට දෙන දානයෙන් අසංඛ වූ අප්‍රමෙය්‍ය වූ අනුසස් ලැබෙයි. 6. සෝවාන් වූ පුද්ගලයකුට දෙන දානයෙහි ආනිසංස ගැන කියනු කිම? 7. සකෘදාගාමි වීමට ප්‍රතිපත්ති පුරන පුද්ගලයකුට දුන් දනෙහි ආනිසංස ගැන කියනු ම කිම? 8. සකෘදාගාමී වූ පුද්ගලයකුට දුන් දනෙහි ආනිසංස ගැන කියනු ම කිම? 9. අනාගාමී වීමට පිළිවෙත් පුරන්නකුට දුන් දනෙහි ආනිසංස ගැන කියනු ම කිම? 10. අනාගාමි වූ පුද්ගලයකුට දුන් දනෙහි ආනිසංස ගැන කියනු ම කිම? 11. රහත් වීමට පිළිවෙත් පුරන්නකුට දුන් දනෙහි ආනිසංස ගැන කියනු ම කිම? 12. රහතන් වහන්සේ නමකට දුන් දනෙහි ආනිසංස ගැන කියනු ම කිම?. 13. පසේ බුදුවරයන් වහන්සේ නමකට දුන් දනෙහි ආනිසංස ගැන කියනු ම කිම? 14. සම්‍යක් සම්බුදුවරයන් වහන්සේ නමකට දුන් දනෙහි ආනිසංස ගැන කියනුම කිම? (ක්‍රමයෙන් පින් වැඩිවේ)

සංඝගත දක්‍ෂිණා සත

බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ භික්ෂු භික්ෂුණී යන උභතො සංඝයා හට දන් දේ ද, මෙය පළමු වූ සංඝික දානයයි. 2. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ වදාළ කල්හි භික්ෂු භික්ෂුණි යන උභතො සංඝයාහට දන් දේ ද මෙය දෙවැනි වූ සාංඝික දානයයි. 3. (ගණනින් නො පිරිසිඳින ලද) භික්ෂු සංඝයා හට දන් දේ ද, මෙය තුන්වැනි වූ සාංඝික දානය යි. 4. භික්ෂුණී සංඝයා හට දන් දේ ද, මෙය සතරවැනි වූ සාංඝඝික දානයයි. 5. මට භික්ෂු භික්ෂුණී සංඝයා කෙරෙන් මෙතෙක් භික්ෂූන් ද උදෙසුව මැනවැයි (නියම කරනු මැනැවැ) යි. (එසේ නියම කරවා ගෙන) දන් දේ ද ;මය පස්වැනි වූ සාංඝික දානය යි. 6. මට මෙතෙක් භික්ෂූන් සංඝයා කෙරෙන්උදෙසුව මැනවැයි දේ ද මෙය සවැනි වූ සාංඝික දානයයි. 7. මට මෙතෙක් භික්ෂුණීන් සංඝයා කෙරෙන් උදෙසු මැනවැයි දන් දේ ද මෙය සත්වැනි වූ සාංඝික දානය යි.

සාංඝික දානය ශ්‍රේෂ්ඨ බව

අනාගත කාලයෙහි දුශ්ශීල වූ ලාමක ස්වභාව ඇත්තා වූ නම් පමණින් ශ්‍රවණ වූ කාසාවකණ්ඨක නම් පිරිසක් ඇති වන බව භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. කාසාවකණ්ඨකයෝ නම් එක් කාසාය වස්ත්‍ර කැබැල්ලක් අතෙහි හෝ බොටුවෙහි හෝ බැඳ හැසිරෙන්නෝ ය. ඔවුහු ශ්‍රමණ පරම්පරාවෙන් ඇති වන්නෝ ය. ඔවුහු අඹු දරුවන් පෝෂණය කරති. ගොයිතැන් වෙළෙඳාම් ආදිය ද කරති. ඒ දුශ්ශීලයනට ද සංඝරත්නය උදෙසා දනක් දෙන්නෙමු යයි යමෙක් මහ සඟුරුවන ගැන සිත පහදවා ගෙන දනක් දෙන්නේ ද ඒ සංඝික දානය ද අසංඛ්‍ය වූ අප්‍රමෙය්‍ය වූ ආනිසංස ගෙන දෙන බව ත්, සංඝගත (සංඝික දානයට) වඩා පුද්ගලික දානය කිසි ආකාරයකින් වඩා මහත්ඵල යයි නො කියන බව බුදුරජාණන් වහන්සේ අනඳ මාහිමියනට වදාළේ මෙසේ ය:

භචිස්සන්ති ඛො පනානන්ද අනාගත මද්ධානං ගොත්‍රභුනො කාසාවකණ්ඨා දුස්සීලා පාපධම්මා තෙසු දුස්සීලෙසු සංඝං උද්දීස්ස දානං දස්සන්ති තදාපහං ආනන්ද සංඝගතං දක්ඛිණං අසංඛෙය්‍යං අප්පමෙය්‍යං වදාමි න ෙÀවවාහං ආනන්ද කෙනවි පරියායෙන සංඝගතාය දක්ඛිණාය පාටිපුග්ගලිකං දක්ඛිණං මහප්ඵලතරං වදාමි

කාසාවකණ්ඨක දුශ්ශීලයනට වුවත් භික්ෂු සංඝයා උදෙසා සංඝයාට දෙමැ යි දන් දෙන්නේ ද එකල ඒ සාංඝික දානය සංඛ්‍යා රහිත වූ ප්‍රමාණතික්‍රාන්ත වූ ආනිසංස ඇත්තේ වෙයි. සංඝයා උදෙසා දෙන සාංඝික දානය නම් සංඝයා කෙරෙහි සැලකිලි කරන්නට හැකි වන්නා හට වෙයි. සංඝයා කෙරෙහි වනාහි සැලකිලි කිරීම දුෂ්කර වෙයි.

මතු සම්බන්ධයි

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා