ස්වභාවික විපත් හානිය අවම කර ගැනිමට වයඹදිග ජපානයේ දෙදින සමුළුවක්

ස්වභාවික විපත් හානිය අවම කර ගැනිමට වයඹදිග ජපානයේ දෙදින සමුළුවක්

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ ලෝක බැංකුව සමුළුව කැඳවා තිබේ


ජපානයේ ටෝකියො නුවර ලෝක ආර්ථියක සංවර්ධනයේ අනාගතය පිළිබඳව පැවති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ රැස්වීමකදි කරුණු පැහැදිලි කරන එම සංවිධානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජොග් ඩික්‍රිසින්.

දරුණු භූකම්පනයෙන් සහ සුනාමියෙන් බැට කෑ වයඹ දිග ජපානයේ දී ආපදාවලින් උගත හැකි පාඩම් සම්බන්ධයෙන් ඊයේ සමුළුවක් ආරම්භ කර ඇත . ඊට දේශපාලන නායකයන් මෙන්ම ආධාර සපයන කණ්ඩායම්වල නිලධාරීන් සහභාගි වී ඇත .

මේ දෙදින සමුළුවේ න්‍යාය පත්‍රයේ ප්‍රමුකතාව ලබා දි තිබුණේ ස්වභාවික විපත්වලින් සිදුවන හානිය අවම කර ගැනිමත් ජීවිත බේරා ගනීමත් සම්බන්ධයෙනි.

මේ සමුළුව කැඳවා තිබුණේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ ලෝක බැංකුව විසිනි.

පසුගිය වසරේදී සිදුවු දරුණු ඛේදවාචකයට සෙන්ඩායි නගරවාසින් 19000ක් පමණ බිලි විය . ෆුකුෂීමා බලාගාරය ආපදාවට ලක්වී විකිරණ පිටවීමේ අර්බුදයක් ද මතුවිය .

සංවර්ධනය වෙමින් පවතින රටවල පොදු පහසුකම් ගොඩනැඟීමේ දි ආපදා වළකාලිම සම්බන්ධයෙන් යොමු කරන අවධානය අඩු බව ලෝක බැංකු විශේෂ නියෝජිත කෂුෂිජ් ටනුගුෂි පවසයි.

සංවර්ධන ආධාර ලබා දීමේදී ආපදාවලින් වැළකීම සම්බන්ධයෙන් යොමු කර ඇති අවධානය සම්බන්ධයෙන් සැලකිල්ල යොමු කරන බවත් ඔහු අවධාරණය කර ඇත .

එමෙන්ම ප්‍රධාන පෙළේ සැපයුම් ජාලා කඩා නොවැටෙන බවටද වග බලා ගැනිමටද පියවර ගන්නා බවද ප්‍රකාශ කර තිබේ . පසුගියදා සිදුවු ජපන් ආපදාවේදී ප්‍රධාන සැපයුම් ජාලයක් වන මෝටර් වාහන කර්මාන්තය කඩා වැටීම නිසා උද්ගතවූ තත්ත්වයෙන් පාඩම් උගත යුතු බව සම්බන්ධයෙන් ද විශේෂ අවධානය යොමුවී ඇත. අධ්‍යාපන කටයුතු අඩාළ නොවීමට වගබලා ගැනිම සහ පූර්ව අනතුරු ඇඟවිමේ පද්ධති සවි කිරීමද ප්‍රමුකතාවක් ලෙස හඳුනාගෙන ඇත .

ජපන් ආපදාවෙන් මාස 19ක් ගතවීමෙන් අනතුරුවත් 329000ක් පමණ ජපන් ජාතිකයන් තවමත් වාසය කරන්නේ තාවකාලින නිවාසවලයි .

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා