ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ ගැන අලුත් වාර්තාවක්

ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ ගැන අලුත් වාර්තාවක්

පරමාණු බෝම්බයක් නිෂ්පාදනය කිරීමට හැකිවන යුරේනියම් බලගැන්වීම සඳහා ඉරානයට මාස දෙක-හතර කාලයක් පමණක් වැයවනු ඇති අතර බෝම්බය නිෂ්පාදනය කිරීමට ගතවනු ඇත්තේ තවත් අතිරේක මාස 10ක් පමණක් බව විශේෂඥයෝ පෙරේදා ප්‍රකාශ කළහ.

ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ සම්බන්ධයෙන් නිකුත් අලුත්ම වාර්තාවකින් ඔවුන් මෙබව ප්‍රකාශ කර ඇත. ඉරානය මෙසේ යුරේනියම් බලගැන්වීම පිළිබඳ ප්‍රගතියක් අත් පත් කර ගෙන ඇති නමුදු ඔවුන් බෝම්බයක් නිෂ්පාදනය කිරීමට අර අඳින්නේ නම් එබව අමෙරිකානු හා එක්සත් ජනපද අවි පරීක්ෂකයනට වහා සොයා ගත හැකි වනු ඇතැයි ඔවුහු කියති.

මේ වාර්තාව නිකුත් කර ඇත්තේ විද්‍යාව හා අන්තර්ජාතික ආරක්ෂාව සඳහා වන ආයතනය විසිනි. ඔවුන් සිය ප්‍රකාශයට පදනම් කරගෙන ඇත්තේ ඉරාන න්‍යෂ්ටික වැඩපිළිවෙළ සම්බන්ධ එක්සත්ජාතීන්ගේ අන්තර්ජාතික පරමාණු බලශක්ති ඒජන්සියේ නිරීක්ෂක වාර්තාය .

"එක් න්‍යෂ්ටික අවියක් නිෂ්පාදනය කිරීමට අධිබලගැන්වූ යුරේනියම් කිලෝග්‍රෑම් 25ක් අවශ්‍ය අතර මාස 2-4 කාලයේදී එය ඉරානයට සපුරා ගත හැකියි" ඔවුහු කියති.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා