න්‍යෂ්ටික අවි ලෝකයෙන්ම අතු ගා දැමිය යුතුයි

න්‍යෂ්ටික අවි ලෝකයෙන්ම අතු ගා දැමිය යුතුයි

හිටපු සෝවියට් ජනාධිපති මිහායිල් ගොර්බචෙව්

න්‍යෂ්ටික අවි ලෝකයෙන්ම අතු ගා දැමිය යුතු බව පවසන පූර්ව සෝවියට් ජනාධිපතිව සිටි මිහායිල් ගොර්බචෙව් ඒ සම්බන්ධයෙන් අමෙරිකා එක්සත් ජනපදය මග හරින ප්‍රතිපත්තියක් අනුගමන ය කරන්නේයැයි චෝදනා කර තිබේ.

"න්‍යෂ්කටික අවි හා ඒවාට කළයුත්ත සම්බන්ධයෙන් සිදුකරන කථා බහකදී කිවයුතු එකම දෙය වන්නේ ඒවා විනාශ කර දැමිය යුතු බවයි. 'යනුවෙන් ඔහු පවසා ඇත්තේ වියනාව මූලස්තානය කරගත් න්‍යෂ්ටික අවි තහනම් සම්මුතියේ ප්‍රාරම්භක කොමිසම සමග පැවති විඩියෝ සම්මුඛ සාකච්ජාවකදීය.

"අමෙරිකාව තවමත් ලෝකයේ හමුදාමය සුපිරි බලය හිමි රට නමුත් ඔවුන් මේ ප්‍රශ්නය මගහරිමින් සිටිනවා . එය පසෙක ලා තිබෙනවා. "යැයි‍ ගොර්බචෙව් වැඩිදුරටත් කියා ඇත.

අදාළ සම්මුඛ සාකච්ඡාව ප්‍රාරම්භක කොමිසම් වෙබ් අඩවියේ රුසියානු හා ඉංග්‍රිසි උප සිරැසි සහිතව පලව ඇත.

ඉකුත් 4 දා සිදුකළ මේ සම්මුඛ සාකච්ඡාවේ‍ දී ලෝකයේ න්‍යෂ්ටික බලවතුන් සතුව යුද හිස් 20000ක් පවත්නා බව තක්සේරු කර ඇතැයිද මේවායින් දින කීපයකදී මානව ශිෂ්ටාචාරයම වනසා දැමිය හැකි යැයිද පවසන ඔහු අද පවත්නා තත්ත්වය තවදුරටත් ව්‍යාප්ත වීමට ඉඩ නොදිය යුතු බව හා න්‍යෂ්ටික අවි අත්හදා බැලිම්මුළුමනින්ම අත්හිටුවීමේ ගිවිසුම ක්‍රියාත්මක විය යුතු බව අවධාරණය කර තිබේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා