මුබාරක් පාලනයට එරෙහි කැරුල්ලේදී අත්අඩංගුවට ගත් සැමට සමාව

මුබාරක් පාලනයට එරෙහි කැරුල්ලේදී අත්අඩංගුවට ගත් සැමට සමාව

ඊජිප්තු ජනාධිපති
මොහමඩ් මෝසි.

ඊජිප්තුවේ හිටපු ජනාධිපති හොස්නි මුබාරක් ගේ පාලනය පෙරළා දැමීමේ විප්ලවීය සටන ආරම්භ වූ 2011 පෙබරවාරි මාසයේ සිට මේ වසරේ ජුනි දක්වා කාලයේදී අත්අඩංගුවට ගත් සියල්ලන්ට සමාව දීමට ඊජිප්තු වත්මන් ජනාධිපති මොහමඩ් මෝසි පෙළඹී ඇතැයි රාජ්‍ය මාධ්‍යයෙන් පැවසී තිබේ.

ජනාධිපතිගේ නිල ෆේස්බුක් පිටුවේ ප්‍රකාශිත නිල නියෝගය අනුව අදාළ කාලයේ සියලු ක්‍රියාවන් වෙනුවෙන් සමාව ලබා දෙන බව කියා ඇත.

ඒ අනුව 2011 ජනවාරි 25 සිට 2012 ජූනි 30 දක්වා කාලයේදී සාපරාදී මිනීමැරීම හැර විප්ලවයට සහයෝගය දක්වමින් හා විප්ලවිය අරමුණ ඉටුකරලීම සඳහා සිදුකළ සියළු ක්‍රියාවන්ට සමාව දෙන බව සඳහන් කර තිබේ .

තවද මේ නියෝගය දැනටත් වරදකරුවන් බවට පත්ව සිටින ‍හෝ තවමත් පරීක්ෂණවලට ලක්ව සිටින හෝ නඩුවිභාගවලට පෙනී සිටින සියල්ලන්ට බලපාන බවද සඳහන්ව ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා