නිතර තක්කාලි කන අයට හෘදයාබාධ අඩුයි

නිතර තක්කාලි කන අයට හෘදයාබාධ අඩුයි

නිතර තක්කාලි ආහාරයට ගැනීමෙන් හෘදයාබාද වැළැදීමේ අවදානම විශාල වශයෙන් අඩුකර ගත හැකි බව සඳුදා නිකුත් කළ නවතම අධ්‍යයනයකින් අනාවරණය කර ඇත . එලවළු සහ පළතුරුවලින් සමන්විත ආහාර අනුභව කිරීම ශරීර සෞඛ්‍යට හිතකර බව මෙමඟින් තවදුරටත් සනාථ වී තිබේ .

පින්ලන්තයේ පළ කළ නියුරලොජි සඟරාවේ පළ කර ඇති තොරතුරු අනුව ඊට ප්‍රධාන වශයෙන් බලපාන්නේ ප්‍රබල ප්‍රතිඔක්සිකාරක ලයිකොපීන්ය . මේ නිගමනයට එළඹී ඇත්තේ මැද වයසේ පසුවු පුරුෂයන් 1000ක් ඇසුරින් වසර 12ක පමණ කාලයක් තුළ සිදු කළ පරීක්ෂණයක් පදනම් කරගෙනයි .

මේ පරීක්ෂණයට අනුව වැඩි ලයිකොපීන් ප්‍රමාණක් ඇති අයට හෟදයාබාද වැළදීමේ ඉඩකඩ 55 %ක් පමණ අඩු බව තහවුරු කර තිබේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා