ශ්‍රී ලංකා-ඉන්දියා අවසන් පූර්ව තරගය හෙට

ආසියානු කුසලාන කාන්තා විස්සයි 20

ශ්‍රී ලංකා-ඉන්දියා අවසන් පූර්ව තරගය හෙට

ආසියානු කුසලාන කාන්තා විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අවසන් පූර්ව තරගය හෙට (30) චීනයේ ගුවැංෂූ නගරයේ දී පැවැත්වේ. පාකිස්තානය සහ බංග්ලාදේශය අතර දෙවැනි අවසන් පූර්ව තරගය ද හෙට ගුවැංෂූ නගරයේ දී පැවැත්වේ.

මූලික වටයේ පළමු තරගයේ දී නේපාලය ලකුණු 20කින් පරාජය කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ චීනය සමග පැවැති දෙවැනි තරගයේ දී කඩුලු 9ක පහසු ජයක් අත්කරගනිමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය. කෙසේවෙතත් බංග්ලාදේශය සමග ඊයේ පැවැති මූලික වටයේ අවසන් තරගයේ දී ශ්‍රී ලංකාව ලකුණු 5කින් පරාජයට පත්විය. ඉන්දියාව සහ පාකිස්තානය අතර ඊ‍යේ පැවැති තරගයෙන් කඩුලු 8ක ජයක් වාර්තා කිරීමට ඉන්දියාව සමත්විය.

ශ්‍රී ලංකාව, බංග්ලාදේශය,නේපාලය සහ චීනය 'බී'කාණ්ඩයෙන් තරගවැදුණු අතර පාකිස්තානය, ඉන්දියාව, තායිලන්තය සහ හොං‍කොං පිල 'ඒ' කාණ්ඩයෙන් තරග වැදුණි.

අවසන් මහා තරගය 31වැනිදා ගුවැංෂූ නුවර දී පැවැත්වේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා