එප්පාවල නෙට්බෝල් ක්‍රීඩිකාවෝ මැලේසියාවේදී දස්කම් දක්වති

එප්පාවල නෙට්බෝල් ක්‍රීඩිකාවෝ මැලේසියාවේදී දස්කම් දක්වති

මැලේසියාවේ පීනෑන්ග් නුවර පසුගියදා පැවැති යු.එස්.එම් ජාත්‍යන්තර නෙට්බෝල් තරගාවලියේදී රටවල් 4ක් නියෝජනය කළ කණ්ඩායම් දහසයක් (16)ක් අභිභවා අවුරුදු 12න් පහළ ශූරතාව දිනා ගැනීමට අනුරාධපුර-එප්පාවල ශ්‍රී සිද්ධාර්ථ මධ්‍ය මහා විදුහල සමත්විය.

තරගාවලියේ ශූරතාවට අමතරව හොඳම කණ්ඩායම ලෙසින් සම්මාන ලබා ගැනීමටද සිද්ධාර්ථ විදුහල සමත්වූ අතර දක්ෂතම ක්‍රීඩිකාවට හිමි කුසලානයද එම විදුහලේ නිමේෂා ලලන්ති ක්‍රීඩිකාවට හිමිවිය.

මේ සඳහා මැලේසියාව, සිංගප්පූරුව, තායිලන්තය සහ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කණ්ඩායම් ඉදිරිපත්ව සිටි අතර අවසන් මහා තරගයේදී ලකුණු 15-9කින් මැලේසියාව පරාජයට පත්කිරීමට එප්පාවල සිද්ධාර්ථ විදුහල් කණ්ඩායම සමත්විය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා