ත්‍රිත්ව විදුහලට පළමු ඉනිමේ ජයක්

ත්‍රිත්ව විදුහලට පළමු ඉනිමේ ජයක්

මහනුවර ත්‍රිත්ව විදුහල හා ‍කොළඹ සාන්ත පීතර විදුහල අතර අස්ගිරිය ක්‍රීඩාංගණයේදී පසුගියදා පැවැති අන්තර් පාඨශාලීය තරගයේ පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට ත්‍රිත්ව විදුහල සමත්විය.

ත්‍රිත්ව විදුහල පළමු ඉනිමට ලකුණු 239ක් රැස් කළ අතර සාන්ත පීතර පළමු ඉනිමට ලකුණු 120ක් සහ තරගය නතර කරන විට දෙවන ඉනිම සඳහා කඩුලු 5කට ලකුණු 35ක් ලබාගෙන සිටියේය.

ත්‍රිත්ව පළමු ඉනිම-239 (ඕවර 55.3) ඩී.වික්‍රමනායක 55, ආර්.චන්ද්‍රගුප්ත 48, ආර්.ජයතුංග 44 (ජුලියන් සිල්වා 69/5, රජිත ලියනාරච්චි 35/2)

‍සාන්ත පීතර පළමු ඉනිම-120 (ඕවර 46.4) දුෂාන් හේමන්ත 33, චමිල අබේසේකර 22 (ඩී.වික්‍රමනායක 9/2, සදිත් සුදාරක 18/3) සහ දෙවන ඉනිම-35/5 (ඕවර 27.2) සෂින් ප්‍රනාන්දු 12 (ලක්ෂාන් ජයසිංහ 1/3)

සා.අන්තෝනි-හෝලි ක්‍රොස් තරගය ජය පරාජ නෑ

සාන්ත අන්තෝනි විදුහල සහ කළුතර හෝලි ක්‍රොස් විදුහල අතර පසුගියදා කටුගස්තොටදී පැවැති තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත්විය.

හෝලි ‍ක්‍රොස් පළමු ඉනිම-111 (ඕවර 56.3)

සී.කමේෂ් 31.ටී.අතාවුද ‍‍නොදැවී 21 (නිමේෂ් ගුණසිංහ 22/3, ලලිත් බුලත්සිංහල 25/3) සහ දෙවන ඉනිම-74/4 එලි.මෙන්ඩිස් ‍නොදැවී 56 (එම්.උඩුවල 7/2, එම්.උඩුපොල 15/2)

සාන්ත අන්තෝනි පළමු ඉනිම-108 (ඕවර 29.4) සචින් බුලත්සිංහල 27, හර්ෂ ඊබට් 18 (එස්.ප්‍රනාන්දු 35/4, එන්‍.සංඛ 8/2)

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා