හොංකොං සික්සර්ස් ශූරතාව දකුණු අප්‍රිකාවට

හොංකොං සික්සර්ස් ශූරතාව දකුණු අප්‍රිකාවට

හොංකොං සික්සර්ස් ක්‍රිකට් තරගාවලියේ ඊයේ (28) පැවැති අවසන් තරගයේදී පසුගිය වසරේ ශූරයන්වු පාකිස්තානය ලකුණු 37කින් පරදා ශූරතාව හිමිකර ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත්විය.. තරගාවලියේ වීරයා සම්මානය පාකිස්තාන කණ්ඩායමේ උමාර් අක්මාල්ට හිමිවිය‍.

පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව නියමිත ඕවර 5 අවසානයේ ලකුණු 142ක් රැස් කළ අතර පාකිස්තාන පිලට සියල්ලන් දැවී ලබාගත හැකිවුයේ ලකුණු 105ක් පමණි.

දකුණු අප්‍රිකාව ශූරතාව හිමිකරගත් දෙවැනි අවස්ථාව මෙය වන අතර මින් පෙර 2006 දී ඔවුන් පළමුවරට ශූරතාව හිමිකරගත්තේය.

කුසලාන වටයේදී ශ්‍රී ලංකාව හොංකොං පිළ හමුවේ කඩුලු 6කින්, දකුණු අප්‍රිකාවට කඩුලු 5කින් සහ පාකිස්තානයට කඩුලු 5කින් පරාජය වීමෙන් අවසන් තරගයට පැමිණිමේ අවස්ථාව අහිමිවිය. ශ්‍රී ලංකා කණ්ඩායම කුසලාන තරගවටයට පිවිසියේ තරගාවලියේ පළමු වටයේ මුහුණදුන් තරග තුනම ජයගෙන අපරාජිත කණ්ඩායමක් ලෙසිනි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා