එංගලන්ත ක්‍රිකට් පිලේ ඉන්දියා සංචාරය අද ඇරැඹේ

එංගලන්ත ක්‍රිකට් පිලේ ඉන්දියා සංචාරය අද ඇරැඹේ

එංගලන්ත ක්‍රිකට් පිලේ ඉන්දියා සංචාරය අද ආරම්භවේ. අදියර දෙකකින් පැවැත්වෙන මේ සංචාරයේ ‍අද ආරම්භ වන පළමු අදියරට තුන්දින පුහුණු තරග 2ක්, සිවුදින පුහුණු තරගයක් ද ඇතුළුව තරග 4කින් සමන්විත ටෙස්ට් තරගාවලියක් සහ තරග 2කින් සමන්විත විස්සයි20 තරගාවලියක් ඇතුලත්වේ.

දෙපිල අතර පළමු ටෙස්ට් තරගය නොවැම්බර් මස 15වැනිදා අහමදාබාද් නුවර දී ආරම්භ වන අතර දෙවැනි ටෙස්ට් තරගය නොවැම්බර් මස 23වැනිදා මුම්බායි නුවරදී පැවැත්වේ.

දෙසැම්බර් මස 5වැනිදා කොල්කටා නුවරදී තෙවැනි ටෙස්ට් තරගයත්, දෙසැම්බර් මස 13වැනිදා සිවුවැනි ටෙස්ට් තරගය නාග්පූර් නුවර දීත් පැවැත්වේ. දෙසැම්බර් 20වැනිදා පළමු විස්සයි20 තරගය පූනේ හී දී පැවැත්වෙන අතර 22වැනිදා මුම්බායි නුවර දී දෙවැනි විස්සයි20 තරගය පැවැත්වේ.

දෙපිල අතර පැවැත්වෙන තරග 4කින් යුත් එක්දින තරගාවලිය සඳහා එංගලන්ත කණ්ඩායම ලබන වසරේ ජනවාරි මස 3වැනිදා නැවත ඉන්දියා සංචාරයක නිරතවීමට නියමිතය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා