අමෙරිකා ගොල්ෆ් ශූරිය වාර්තාපොතට

අමෙරිකා ගොල්ෆ් ශූරිය වාර්තාපොතට

අමෙරිකාවෙන් බිහිවූ විශිෂ්ටතම ගොල්ෆ් ක්‍රීඩිකාවක වන පෝලා ක්‍රීමර් කිංග්ස්මීඩ් කාන්තා ගොල්ෆ් ශූරතාවලියේ අවසන් තරගයේ දී දකුණු කොරියාවේ ජියයි ෂිං සමග එක්ව වාර්තාවක් පිහිටුවීමට සමත්වූවාය.

එම තරගයේ දී ඇය ෂිං හමුවේ පරාජය වූව ද කාන්තා ගොල්ෆ් තරග ඉතිහාසයේ තරගයකදී වැඩිම වේලාවක් ක්‍රීඩා කළ ක්‍රීඩිකාවන් ලෙස ෂිං සමග වාර්තා පොතට ඇතුලත් විය.

එල්.පී.ජී.ඒ‍. තරගාවලි ලෙස සැළකෙන වෘත්තීය ගොල්ෆ් ක්‍රීඩිකාවන්ගේ සංගම් තරගාවලි ශූරතා 11ක් දිනා සිටින 26හැවිරිදි පෝලා 2010 වසරේ අමෙරිකානු විවෘත ගොල්ෆ් ශූරිය ලෙස සම්මාන දිනාගනිමින් අන්තර් ජාතික ගොල්ෆ් පිටියේ ගෞරවය දිනාගත්තාය.

ෂිං සමග පැවැති කිංග්ස්මීඩ් කාන්තා ගොල්ෆ් ශූරතාවලියේ අවසන් තරගය දිනක් පුරා පැවැති අතර පස්වරුවේ පිටියට අඳුර වැටීමත් සමග දෙවැනි දිනයට කල් තැබීමට සංවිධායකයන්ට සිදුවිය. පෝලා පරාජයට පත්වූයේ දෙවැනි දිනයේ දීය.

ඊට සතියකට පසු බ්‍රිතාන්‍ය විවෘත කාන්තා ගොල්ෆ් ශූරතාවලියේ තුන්වැනි ස්ථානය අත්කරගැනීමට ද පෝලා සමත්වූවාය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා