මහනුවර දිස්ත්‍රික් ක්‍රීඩා බාලක ශූරතාව ධර්මරාජයට

මහනුවර දිස්ත්‍රික් ක්‍රීඩා බාලක ශූරතාව ධර්මරාජයට

මහනුවර දිස්ත්‍රික් කනිෂ්ට ජවන හා පිටිය තරගාවලියේ බාලක කණ්‍ඩායම් ශූරතාව දිනා ගැනීමට ධර්මරාජ විදුහල සමත්වු අතර කාන්තා කාණ්ඩායම් ශූරතාව මහමායා බාලිකා විදුහලට හිමිවිය. අනුශූරතාවන් පිළිවෙළින් විද්‍යාර්ථ විදුහලට හා උසස් බාලිකාවට හිමිවිය.

තරගාවලියේ බාලක සිඟිති කණ්ඩායම් ශූරතාව ධර්මාරාජ විදුහල හා බාලිකා ශූරතාව නුගවෙල මහ විදුහල දිනා ගත් අතර අනුශූරතා සාන්ත සිල්වෙස්තර සහ ගලගෙදර මැදි විදුහල් දිනා ගත්තේය. මහනුවර බෝගම්බර පිටියේ පසුගියදා පැවැති තරගාවලියේ දී නව තරග වාර්තා 10ක් පිහිටුවීමට ද ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත්වූහ.

මහනුවර දිස්ත්‍රික් ජවන හා පිටිය සංගම‍යේ සභාපති දේශප්‍රිය කෙටුවේගෙදර සහ ලේකම් ලක්ෂ්මන් හපුආරච්චි ඇතුළු නිලධාරින් විසින් සංවිධානය කළ තරගාවලිය මහනුවර දිස්ත්‍රික් ක්‍රීඩා පදනමේ සභාපති සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ අතර ත්‍යාග ප්‍රදානොත්සවය සඳහා මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා සහභාගිවීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා