ජාතික තරුණ සේවා සභාවට ජූඩෝ රන් පදක්කම් 2ක්

ජාතික තරුණ සේවා සභාවට ජූඩෝ රන් පදක්කම් 2ක්

ශ්‍රී ලංකා ජූඩෝ සම්මේලනය සංවිධානය කළ කැනේඩියානු මිත්‍රත්ව අභියෝග ශූරතා ජූඩෝ තරගාවලියේදී ජාතික තරුණ සේවා සභාව නියෝජනය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රන් පදක්කම් දෙකක් , රිදී සහ ලෝකඩ පදක්කම බැගින් දිනා ගැනීමට සමත්වුහ.

පදක්කම් හිමිකර ගත් ජාතික තරුණ සේවා සභා කණ්ඩායම වමේ සිට-දිනුෂා හර්ෂනී (රන් පදක්කම්), ශෂික රාධික (රන් පදක්කම්), ටිරෝන් තිලංක (උපදේශක), අනුෂ්කා සඳරුවනි (ලෝකඩ), ඒ.ධනුෂ්කා (රිදී).ඡායාරූපය-වේහැල්ලේ පියතිලක

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පසුගියදා පැවැති තරගාවලියේ ජාතික තරුණ සේවා ජූඩෝ සංචිතයෙන් ඉදිරිපත්වු කේ.ශෂික රාධික පෙරේරා කි.ග්‍රෑ 66 තරගයේ රන් පදක්කමත්, දිනුෂා හර්ෂනී සිරිවර්ධන කි.ග්‍රෑ 44 තරග‍යේ රන් පදක්කමත් හිමිකර ගත් අතර ඒ.ධනුෂ්කා කි.ග්‍රෑ 44 රිදී පදක්කම සහ අනුෂ්කා සඳරුවනි කි.ග්‍රෑ 63 ‍ලෝකඩ පදක්කමත් හිමිකර ගත්හ.

තරගාවලියේදී පිරිමි කි.ග්‍රෑ.50, 55,60,66,73,81,90,100ට වැඩි ලෙසත් කාන්තා කි.ග්‍රෑ‍.44,48,52,57,63,70 හා ඊට වැඩි බර පංති යටතේ තරග පැවැත්විණි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා