මාලය කැඩූ පච්චසිරාට ගුටි පූජාවක්

මාලය කැඩූ පච්චසිරාට ගුටි පූජාවක්

රුපියල් 50,000ක් පමණ වටිනා ගෙල බැඳි මාලය කඩාගත් පච්චසිරා නොහොත් වෙරියා පොලිසියට කොටුවෙයි.

කුරුණෑගල වෙළෙඳ සංකීර්ණයේ බිම් මාලයේ පඩිපෙළ නගිමින් සිටි කාන්තාවකගේ ගෙල බැඳි රන් දම්වැල කඩාගත් පුද්ගලයෙක් දුවන්න සැරසෙද්දී අසල සිටි තරුණයන් කීපදෙනෙකු විසින් මෙල්ල කරගෙන හොඳටම ගුටිබැට දී පොලිසියට ගෙනගොස් ඇත.

සැකකරු කුරුණෑගල මග්කඩුවාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා