කෑගල්ල හොරට කිරන වෙළෙඳුන් අල්ලා ලක්ෂ හතළිස් දෙකක් දඩ ගහලා

කෑගල්ල හොරට කිරන වෙළෙඳුන් අල්ලා ලක්ෂ හතළිස් දෙකක් දඩ ගහලා

කෑගල්ල දිසා කිරුම් මිනුම් ඒකක ප්‍රමිති දෙපාර්තමේන්තුව පසුගිය වසරේ දී කිරුම්, මිනුම් උපකරණ මුද්‍රා තැබීමෙන් ලැබූ ආදායම රුපියල් 41,92,994ක් පමණ වෙයි.

මේ අතර ගිය වසරේ කෑගල්ල දිස්ත්‍රික්කයේ ඇතැම් වෙළඳුන් මුද්‍රා නොමැති තරාදි භාවිතා කිරීම, අඩු බරට කිරීම, ව්‍යාජ තරාදි භාවිතය, ව්‍යාජ කිරුම් මිනුම් භාවිතා කරන ලද වෙළෙඳුන් 8653 දෙනෙක් කිරුම් මිනුම් ඒකකයේ නිලධාරීන් විසින් කරන ලද පරීක්‍ෂණයේ දී අල්ලා ගෙන ඇත.

මෙසේ අල්ලාගත් වෙළෙඳුන්ට කෑගල්ල මාවනැල්ල, රුවන්වැල්ල, වරකාපොල යන මහේස්ත්‍රාත් අධිකරණවල නඩු පැවරීමෙන් පසු දඩ ගසා ඇති දඩ මුදල රුපියල් 148500 ක් පමණ වෙයි.

මෙම වැටලීම කර ඇත්තේ කෑගල්ල, මාවනැල්ල, රුවන්වැල්ල, යටියන්තොට, දැරණියගල, දෙහිඕවිට ඇතුළු ප්‍රදේශ ගණනාවකිනි. කෑගල්ල දිසා මිනුම් ඒකකයේ කාර්ය භාර නිලධාරිනී ආර්. බී. රණසිංහ මහත්මිය ද පරීක්‍ෂකවරුන් වන ඩී. එෆ්. දිසානායක මහතා ද, පරීක්‍ෂක කේ. ඒ. පී. වී. රත්නපාල මෙනවිය ද මෙම වැටලීම සිදු කර ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා