කඩුගන්නාවේ බලන බලකොටුව මතු පරපුර වෙනුවෙන් රැකගමු

කඩුගන්නාවේ බලන බලකොටුව මතු පරපුර වෙනුවෙන් රැකගමු

සිංහල රජවරු බොහෝ දෙනකු කන්ද උඩරට රාජධානියට ඇතුළු වන ආරක්‍ෂක මුරකපොල්ලක් හා පණිවුඩ හුවමාරු කරන මධ්‍යස්ථානයක් ලෙස, භාවිතා කළ ඓතිහාසික ස්ථානයකි කඩුගන්නාවේ බලන බලකොටුව.

බලන කොටුව නටබුන් ඡායාරූපය – අම්පිටිය සමූහ

පුරා විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නඩත්තු කරන මේ ස්ථානය පිළිබඳ එම නිලධාරීන්ගේ අවධානයක් නැතැයි ප්‍රදේශවාසීහු පවසති.

සංචාරකයන්ට නැරඹීමට සුදුසු ස්ථානයක් ලෙසද මේ ස්ථානය භාවිතා කළ හැකි මුත් සංචාරක අංශවල අවධානයට යොමු වී නැත.

සීතාවක රාජසිංහ රජුන්, අවසන් රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුන් යුද සමයේ නවාතැන් ගත් කටාරන් කෙටූ ගල්ලෙනක් ද බලන කොටුවට නුදුරුව ඇත. රාජසිංහ ගිරිලෙන් විහාරය නමින් හඳුන්වන මේ ස්ථානය ගැන පුරාවිද්‍යා සංචාරක බලධාරීන්ගේ අවධානය යොමු වී නැත.

මේ ස්ථානයට පිවිසෙන දුෂ්කර මාර්ගය පිළිසකර කිරීමට රු. ලක්‍ෂ 40ක් මාස දෙකකට ඉහත දී පුරාවිද්‍යා අංශවලට ලබා දුන්නත් එයින් ලක්‍ෂ දෙකකවත් වැඩක් සිදු වුණේ නැතැයි ද ප්‍රදේශවාසීහු පවසති.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා