ගලේවෙල විශ්‍රාමිකයන් 210කට තවමත් වැටුප් ලැබී නෑ

ගලේවෙල විශ්‍රාමිකයන් 210කට තවමත් වැටුප් ලැබී නෑ

පසුගිය 8 වැනිදා විශ්‍රාම වැටුප් දිනය වුවත් ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙතින් විශ්‍රාම වැටුප් පිළියෙළ කරන විශ්‍රාමිකයින් 210 දෙනෙකුට මේ වනතුරුත් විශ්‍රාම වැටුප් ලැබී නොමැත.

තම මාසික විශ්‍රාම වැටුප නොලැබීම නිසා එම විශ්‍රාමිකයෝ මහත් අසීරු තත්ත්වයකට මුහුණපා සිටිති. මේ විශ්‍රාම වැටුප් නොගෙවීම පිළිබඳව ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ද විමසීමු.

විශ්‍රාම වැටුප් ගෙවීමේදී විශ්‍රාමිකයන් පිළිබඳ ජීවන සහතික ලබාගැනීමට කටයුතු කළ බවත්, පසුගිය නොවැම්බර් මාසයේදී එම විස්තර ලබාගැනීමට අවශ්‍ය පෝරම විශ්‍රාමිකයින්ට යැවූ අතර, එක්දහස් දෙසීයකට ආසන්න පිරිසක් එම විස්තර ලබා දුන් අතර එම පිරිසේ විශ්‍රාම වැටුප් පිළියෙල කළ බවත්, 210 දෙනෙක් ජීවිත සහතික ලබා නොදීම නිසා එම පිරිසේ විශ්‍රාම වැටුප් පිළියෙල කිරීම අකමැත්තෙන් වුවද තාවකාලිකව නතර කිරීමට සිදුවූ බවත්, එම පිරිස තොරතුරු ලබා දුන් පසු ඔවුන්ට ද විශ්‍රාම වැටුප් පිළියෙල කරන බවත් ප්‍රාදේශීය ලේකම් ඒ. එම්. කේ. සී. කේ. අතපත්තු මහත්මිය පැවසුවාය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා