ධනවත්ම පාපන්දු ක්‍රීඩකයා බෙකම්

ධනවත්ම පාපන්දු ක්‍රීඩකයා බෙකම්

සුපිරි පාපන්දු ක්‍රීඩක හා මෝස්තර නිරූපන ශිල්පි ඩේවිඩ් බෙකම් ලොව ධනවත්ම පාපන්දු ක්‍රීඩකයා බවට පත්වී සිටියි. ලොව ධනවත්ම පුද්ගලයන්ගේ නවතම ලැයිස්තුව පසුගියදා ලන්ඩන් නුවර දී නිකුත් කිරීමෙන් පසුව මේ බව අනාවරණය විය.

ස්ටලිං පවුම් මිලියන 175ක වත්කමකට බෙකම් හිමිකම් කියන අතර දෙවැනි තැන සිටින ලයනල් මෙසී ස්ටලිං පවුම් මිලියන 115.5ක වත්කමකට හිමිකම් කියයි.

ධනවත්ම පාපන්දු ක්‍රීඩකයන් අතර ක්‍රිස්ටියානෝ රොනල්ඩෝට හිමිවී ඇත්තේ තුන්වැනි ස්ථානයයි. ඔහුගේ වත්කම ස්ටලිං පවුම් මිලියන 112කි. බ්‍රසීලයේ ප්‍රබල ක්‍රීඩක කාකාට ලැයිස්තුවේ සිවුවැනි තැන හිමිවී තිබීමය. ඔහුගේ වත්කම ස්ටලිං පවුම් මිලියන 66.5කි.

ඔහුගේ කණ්ඩායමේ සිටි රොනල්ඩීනෝ ස්ටලිං පවුම් මිලියන 63ක වත්කමකට හිමිකම් කියමින් පස්වැනි තැන පසුවෙයි. මැන්චෙස්ටර් යුනයිටඩ් පිලේ ප්‍රබල ක්‍රීඩක වේන් රූනි ස්ටලිං පවුම් මිලියන 50ක වත්කමකට හිමිකම් කියමින් 7වැනි තැන සිටින අතර ස්ටලිං පවුම් මිලියන 52ක වත්කමකට හිමිකම් කියන අන්සි මැකචෙකාලා 6වැනි තැනට පත්වී සිටියි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා