තුන් කෝරළ-කැලණි නදී ක්‍රිකට් ගැටුම 15දා

තුන් කෝරළ-කැලණි නදී ක්‍රිකට් ගැටුම 15දා

රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලය සහ යටියන්තොට ආචාර්ය එන්.එම්.පෙරේරා මධ්‍ය මහා විදුහල (ජාතික පාසල) අතර පැවැත්වෙන හයවැනි තුන් කෝරළ-කැලණි නදී මහා ක්‍රිකට් ගැටුම මේ මස 15වැනිදා රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහා විදුහල් පිටියේදී පැවැත්වේ.

ආචාර්ය එන්.එම්.පෙරේරා අනුස්මරණ කුසලානය සඳහා පැවැත්වෙන මේ තරගාවලියේ තරග 2ක ජය රාජසිංහ විදුහලට හිමිවු අතර එන්.එම්.පෙරේරා විදුහල තරග 2ක ජය හිමිකරගෙන ඇති අතර එක් තරගයක් ජය පරාජයෙන් තොරව අවසන් වී ඇත.

රාජසිංහ විදුහල් කණ්ඩායම එච්.ඒ.එන්.සඳරුවන් මෙහෙයවන අතර උපනායකයා ලෙස කේ.ඩී.කේ.ඩී.ජයසුරිය කටයුතු කරයි. බී.ලශේන් මෙන්ඩිස් යටියන්තොට විද්‍යාලයේ නායකත්වය දරණ අතර එම්.ආර්.ධනුෂ්ක මධුෂාන් උපනායකයා ලෙස කටයුතු කරයි.

රුවන්වැල්ල රාජසිංහ මහා විද්‍යාලයේ සත්කාරකත්වය යටතේ පැවැත්වෙන මේ තරගයේ විශේෂ ආරාධිතයා ලෙසින් ජ්‍යෙෂ්ඨ ඇමැති මහාචාර්ය තිස්ස විතාරණ මහතා සහභාගී වන අතර විදුලි සංදේශ හා ‍තොරතුරු තාක්ෂණ ඇමැති රංජිත් සියඹලාපිටිය, පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන නියෝජ්‍ය ඇමැති එච්.ආර්.මිත්‍රපාල සහ කැගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වයි.ජී.පද්මසිරි යන මහත්වරුන්ද මේ අවස්ථාවට එක්වෙති.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා