විස වෙදැදුරාගේ ඔසුවලින් අපේ චූටිට දැන් සුවයි

විස වෙදැදුරාගේ ඔසුවලින් අපේ චූටිට දැන් සුවයි

මාවනැල්ල කටුගහ ගමේ පදිංචි කේ. ඒ. නන්දසේන මහතා කියන කතාවයි මේ. අපේ ගෙදර “චූටි” කියලා ගිරවෙක් ඇතිකළා. දැනට කාලයක් වෙනවා. මේ ගිරවාට මගේ පුතා ඉතාමත්ම තදින් ආදරය කළා. ගෙදර අනිත් අයත් එහෙමයි.

උදේ පාන්දර ගිරවා කෑගහනවා. කෑගහන හඬට ගෙදර කවුරුත් අවදි වෙනවා. දවස පටන් ගන්නේ ඉතා සතුටින්. දවසේ වැඩ පටන් ගන්නේ ඉන් පස්සේ, අපේ නිවෙසට ආසන්න පන්සලේ බෝධියක් තියෙනවා. මේ බෝධියට අරක්ගත් විශාල නාගයෙක් ඉන්නවා අපිත් නිතර නිතර දැකලා තියෙනවා.

පසුගියදා ගෙදර සිටිය ගිරවා අර බෝධියට ගිහින් වැහුවා. ඒත් එක්කම වාගේ කෑගහගෙන පියාඹා ගෙදර ආවා. ඒ පස්සේ නාගයත් ගිරවා පස්සේ එළවාගෙන ආවා. ගිරවාගේ හිසින් නාගයා දෂ්ට කරලා ලේ ගැලුවා. ඊට පස්සේ ළඟම සිටි වෛද්‍යවරයා ළඟට අරගෙන ගියා. එතුමා ගිරවා මැරිලා කියලා කීවා. පසුව අපි වහාම පොල්අඹේගොඩ විෂ රෝහලට ගෙන ගියා. එහිදී එහි වෛද්‍යතුමිය බෙහෙත් බේසමකට දමා ගිරවා එහි ගිල්වා විනාඩි කීපයක් තියාගෙන හිටියා. ඒ විටම වාගේ ගිරවාට පණ ආවා. වෙනදා වාගේ කෑගැහුවා. පසුව අපි ගිරවා ගෙන ආවා.

මෙසේ ගිරවා සුවපත් වූ සැටි වෛද්‍ය විශේෂඥ විද්‍යා ආචාර්ය සුසිලා සෙනවිරත්න මහත්මිය මෙසේ කීවාය.

අපේ රෝහලේ ප්‍රධාන වෛද්‍ය විශේෂඥවරයා වන පියසේන සෙනෙවිරත්න මහතා, ගිරවා පරීක්‍ෂා කර බලා “මේ ගිරවා මැරිලා නැහැ” යැයි පැවසුවා. අදාළ ඖෂධ සහ ප්‍රතිකාරය පිළිබඳ දැනුවත් කළා. එවිට ගිරවා සම්පූර්ණ සුවය ලැබුවා.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා