බක්මීදෙණිය විදුහලේ ඩෙස් ගන්න සිසුන්ගෙන් 3500 බැගින් අරන්

බක්මීදෙණිය විදුහලේ ඩෙස් ගන්න සිසුන්ගෙන් 3500 බැගින් අරන්

දෙහිඅත්තකණ්ඩිය බක්මීදෙණිය විදුහලේ පළමු වසරට ළමුන් ඇතුළත් කිරීමේදී දරුවන්ට අවශ්‍ය ඩෙස්පුටු මිලදී ගැනීමට එක් දරුවකුගෙන් රු. 3500 (තුන්දාස් පන්සියක) බැගින් දරුවන් හතලිස් අට (48) දෙනෙකුගෙන් මුදල් අයකරගෙන ඇත.

මේ විදුහලේ භාවිතයෙන් ඉවත්කර තිබූ ඩෙස් පුටු තොගයක් අලුත්වැඩියා කර අලුතින් මිලදීගත් බවට විදුහල්පති ප්‍රකාශ කර ඒ සඳහා බිල්පත්ද ඉදිරිපත් කර ඇත. අලුත් වැඩියා කිරීම සඳහා එක් පුටුවකට වැයවී ඇත්තේ රුපියල් 150කි. නමුත් එක් පුටුවක් මිලදී ගැනීමට රුපියල් 750 වැයවී ඇති බව බිල් පත්වල සඳහන් වෙයි.

මීට අමතරව පහසුකම් සේවා ගාස්තු ජලබිල්පත් ගෙවීමට එක් දරුවකුගෙන් රුපියල් 200 අයකර තිබේ. ඇතුලත් වීමේ ගාස්තු රුපියල් 1000 ඉල්ලා විදුහල්පති මාපියන්ට නිතර නිතර කරදර කරන බව මාපියෝ පවසති. විදුහල්පතිගේ මේ අකටයුතුකම් ගැන නැගෙනහිර පළාත් අධ්‍යාපන ඇමැති විමලවීර දිසානායක මහතාටද ලිඛිතව දන්වා ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා