කුරුණෑගල දළදා මාලිගාවේ නටබුන් විනාශයේ

කුරුණෑගල දළදා මාලිගාවේ නටබුන් විනාශයේ

නටබුන් වී ගොස් තිබෙන කුරුණෑගල දළදා මාලිගාව කිසිවකුගේ රැකවරණයක් නොමැතිව විනාශවී යමින් පවතී. රජ දරුවන් හතර දෙනකු පාලනය කළ කුරුණෑගල රාජධානියට අයත් සෙසු පුරාවස්තු ද මේ අයුරින් විනාශ මුඛයට පත්වෙමින් පවතී.

අද නටබුන් බවට පත්වී තිබෙන දළදා මාලිගය ඉදිකර ඇත්තේ කුරුණෑගල රාජධානිය කරවූ හතරවැනි පරාක්‍රමබාහුු රජු විසිනි. දළදා සිරිත කෘතියේ සඳහන්කොට තිබෙන පරිදි මහල් තුනක් සහිත ශෛලමය දොරටුවලින් මාලිගය ඉදිකොට තිබූ බැව් දළදා සිරිත කෘතිය වැඩිදුරටත් පෙන්වා දෙයි.

සොබා දහමේ සෞන්දර්යාත්මක නිර්මාණයන්ගෙන් කැටි කොට ගත් ශ්‍රී දළදා වහන්සේ වැඩ සිටි මාලිගා භූමිය අද වන විට නටබුන් වී විනාශවී යමින් පවතී. ජීව අජීව වස්තු අතරින් අද ජීවමානව ඇත්තේ බෝධීන්වහන්සේ පමණි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා