කුඩු ජාවාරමේ යෙදුණු මාලේ ජාතිකයන් 2ක් කොටු

කුඩු ජාවාරමේ යෙදුණු මාලේ ජාතිකයන් 2ක් කොටු

මංජුල හිරිපිටිය - හෝමාගම සංචාරක

හෙරොයින් ග්‍රෑම් 102 මිලි ග්‍රෑම් 500ක සමඟ අත්අඩංගුවට ගත් මාලදිවයින් ජාතිකයින් දෙදෙනා රක්‍ෂිත බන්‍ධනාගාර ගත කිරීමට හෝමාගම අතිරේක දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් වයි. ආර්. සී. නෙළුන්දෙනිය මහතා නියෝග කෙළේය.

සැකකාර මාලදිවයින් ජාතිකයින් දෙදෙනා හෝමාගම පොලිසිය මගින් කොට්ටාව මාකුඹුර ප්‍රදේශයේ දී හෙරොයින් සමඟ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී අධිකරණයෙන් කරන ලද ඉල්ලීමක් අනුව රැඳවුම් නියෝග මත පොලිසියට වැඩි දුරටත් ප්‍රශ්න කිරීමට අවසර ලබා දී තිබුණි.

සැකකරුවන් ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට සූක්‍ෂ්ම අයුරින් හෙරොයින් ගෙන්වා, අනතුරුව මාලදිවයිනට යවා ඇතැයි පොලිසිය පවසයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා